Celebrity Gossip

ඇතුළේ හිටපු ගොඩක් අය කිව්වා මගේ අතින් අල්ලන්න ඕන කියලා. මම වටේටම අත දී ගෙන ගියා – දමිතා අබේරත්න

දමිතා අබේරත්න කියලා කියන්නේ මේ දවස් වල මුළු ලංකාව පුරාම කතා බහට ලක්වන චරිතයක්. ඉතාමත්ම දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ඇය කලා ක්ෂේත්‍රය තුළ බොහෝ ටෙලි නිර්මාණ තුළටත් සිනමා නිර්මාණයන් තුළටත් වේදිකා නාට්‍ය නිර්මාණයන් තුළටත් රංගන හැකියාව විදහා දක්වා බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය සහ ගෞරවය දිනාගෙන අවසන්. ඉතාමත් තාත්වික අයුරින් ඕනෑම චරිතයක් රඟ දැක්වීමට හැකියාව ඇති ඇය මේ වන විට විවාහ වී ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කරන බිරිඳක් වෙනවා.

ඉතින් ඔබ අප කවුරුත් දන්නවා පසුගිය දවස් වල මුළු ලංකාව වෙනුවෙන්ම තරුණ තරුණයන් රැසක් ගාලු මුවදර පිටියේ දී අරගලයක නිරත වූ බව. ඉතිං ඒ වෙනුවෙන් හඬක් නැගූ අරගල බිමෙහි ක්‍රියාකාරී සාමාජිකාවක් වූ ඇයට පසුගිය දිනක දී විඳින්නට සිදු වූයේ ඉතාමත්ම අමිහිරි කටුක අත්දැකීමක්. රට වෙනුවෙන් හඬක් නැඟූ නිසාම ඇයට සිපරි ගෙය තුළ දුක් විඳින්නට සිදු වූවා. ඉතිං පසුගිය දිනකදී ලක්ෂ 5 ක ශරීර අප දෙකක් මත එයින් නිදහස් වන ඇය එහිදී තමාට අත් දකින්නට සිදු වූ කටුක අත්දැකීම් පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍යයක් තුළ දී පවසා සිටියා. ඒ මේ විදියට.

“ඒගොල්ලො මාව ගෙනියන්න උත්සාහ කළේ සත්තුන්ව ගිනි යනවා වගේ. මුලින්ම ගත්තෙ මගේ ෆෝන් 2. ප්‍රධාන චීප් ජනරාල්වරිය මට කිව්වා උඩින් නියෝග ආවා කියලා මාව ජරා ගෑනුත් එක්ක දාන්න කියලා. මට ගොඩක් කරදර කරන්න කියලා කිව්වලු. මං එයාලට පින් දෙනවා මාව ඒ වගේ තැනකට නො දාපු එක ගැන. මං හිටියේ ඉන්න පුළුවන්ම කුටිය තුළ. කෑම ලෑස්ති කරල තිබුන තැන ටොයිලට් වල වල් උතුරලා යනවා. ඒවයෙ වහන මැස්සෝ කෑම වලත් වහනවා. අපිට දෙන කෑම අත හෝදන වතුර වල පාටයි.

එදා ලොකු පුටුවල හිටපු මිනිස්සුන්ගෙන් නොලැබුනු ආදරය මට ඇතුළෙ හිටපු අයගෙන් ලැබුණා. මට තේ හදලා දීපු අම්මලා 4 දෙනෙක් හිටියා. එයාලා මට තේ ටිකක්වත් තනියම හදාගන්න දුන්නේ නැහැ. දරුවෙක් වගේ මාව බලාගත්තා. ඒකෙ ඇතුළේ හිටපු ගොඩක් අය කිව්වා මගේ අතින් අල්ලන්න ඕන කියලා. මම වටේටම අත දී ගෙන ගියා. දෙවියෝ වැනි මිනිස්සු ගොඩක් මැද්දෙ මම රැජිනක් වගේ ජීවත් වුණා.”

මේ විදියට තමයි ඇය එහිදී ප්‍රසිද්ධ මාධ්‍යයට අදහස් දක්වා සිටියේ. කෙසේ නමුත් මේ වන විට දමිතා අබේරත්න නිදහස් වී සිටින අතර ඇය ඇතුලේ සිටින විට අසනීප ගතියෙන් පසු වූ බවත් ඇය වැඩිදුරටත් පවසා සිටිනවා. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය කලා ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සහ බලාපොරොත්තු ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.