Celebrity Gossip

එයාට ඕන මාව විනාශ කරන්න නම් මම ඒවාට සැලෙන්නේ නෑ චූලාක්ෂිට මල පනී

චූලාක්ෂි රණතුංග කියලා කියන්නේ සිංහල සිනමා ක්ෂේත්රය තුළ කාගේත් අවධානයට සහ කතා බහට ලක්වන අපූරු චරිතයක්. රංගන ශිල්පිනියකට අමතරව ඇය නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ නිරූපිකාවක් විදිහටත් සිය දායකත්වය ලබා දෙනු ලබනවා. ඒ වගේම රූ රැජිනක් ලෙසින් කිරුලු ඇය සැබැවින්ම ඉතාමත්ම සුන්දර කාන්තාවක් වනවා. දේදුනු ආකාසේ සිනමාපටය ඔස්සේ කාගේත් ආදරය සහ ආකර්ෂණය දිනාගත් ඇය ඉන් පසුව ගිනි මල් පොකුරු සිනමාපටය ඔස්සේ ආන්දෝලනාත්මක ලෙස කතා මවන්නියක් වුනා. ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සමඟ වැඩිහිටියන්ට පමණයි ගණයේ ජවනිකාවක නිරත වුණු ඇයට ඒ සඳහා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුණා. ඉතින් පසුගිය දිනක දී ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කිව්වේ මේ වගේ දෙයක්.

ඇය පවසන විදියට ප්‍රේක්ෂකයන්ගෙන් ඇයට හැමදේටම ප්‍රතිචාර ලැබෙනවා ලු. නමුත් ඇය ජනප්‍රියත්වය පස්සෙ යන නිළියක් නෙවෙයි කියන අතරම ඇයට ජනප්‍රියම නිළිය වීමට අවශ්‍ය නැති බවත් ඇයගේ ඉලක්කය කවදා හෝ හොඳම නිළිය විදිහට පිළිගන්න තැනට එන එක බවත් ඇය කියා සිටිනවා. නමුත් එහිදී ඇය සම්මානයකට සීමා නොවන බව කියා සිටින අතරම චරිතාංග නිළියක් ලෙස බහුතරයක් දෙනා අතර කතාබහට ලක් වන තරමටම දක්ෂතාවක් ඇති කර ගැනීමෙන් සාර්ථක විය හැකි බව කියා සිටිනවා. ඇය කියන විදියට බාහිර ස්වරූපයට ලැබෙන ජනප්‍රියත්වය තාවකාලිකයි ලු. ඒ නිසාම ඇයට අවශ්‍ය දක්ෂතාවය මත ජනප්‍රිය වීමට ලු. ඒ වගේම ඇය මේ වගේ දේකුත් කියනවා.

” ජනප්‍රිය වෙන්න වෙන්න අපිට සයිබර් ප්‍රහාරත් ලබෙනවා. සෝෂල් මීඩියා වලට පුළුවන් ඕනෑම චරිතයක් හදන්න වගේම නැති කරලා දාන්නත්, 580K තියෙද්දී මගේ ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුම කෙනෙක් හැක් කළා, මට හිතාගන්න බෑ කෙනෙක් ඒවගේ දෙයක් කරනවානම් එහෙම කරන්න පෙළඹෙන්නේ ඇයි කියලා, එයාට ඕන මාව විනාශ කරන්න නම් මම ඒවාට සැලෙන්නේ නෑ කවදාවත් කියලයි ඇය කියන්නේ. “

මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.