Celebrity Gossip

චිරන්ත සමග විවාහ වූ සමිතා මුදුන්කොටුව නැවතත් අම්මා කෙනෙක් වෙන්නද යන්නේ

සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ගායන ලොව තුල සිටින අති දක්ෂ ගායන ශිල්පිනියක්. බොහෝ රසික රසිකාවියන්ගේ ඉමහත් ආදරය සහ ගෞරවය නිබදවම දිනා ගන්නා ඇය මේ වන විට ආදරණීය දරුවන් දෙදෙනකුගේ මවක් මෙන් ම ආදරණීය බිරිඳක් ද වනවා. පාවෙලා කෝඩු ආකාසේ , සඳ තරු මල් , හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ ආදි සවනට ඉතාමත්ම මිහිරි ගීතයන් අපට දායාද කර දුන් ඇය සැබැවින්ම ගීත කෝකිලාවියක් වනවා. ඇයගේ දියණිය වන කාවින්ද්‍යා අදිකාරීත් මේ වන විට ගීත කිහිපයකින් ම රසිකයන් පිනවා අවසන්. මේ වන විට සමිතා මුදුන්කොටුව මහත්මිය ඇයගේම කියා youtube යූ ටියුබ් චැනලයක් පවත්වාගෙන යනවා. ඉතින් එයටත් බොහෝ රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා.

ඉතින් ඔබ අප කවුරුත් දන්නා පරිදි ඇය පළමු වරට විවාහ වන්නේ ගායන ක්ෂේත්රය තුළ සිටින අති දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වන අතුල අධිකාරි මහතා සමගයි. ඉතාම ආදරනීය යුවළක් වූ ඔවුන් දෙපළ ගායනා කරන ලද ගීතයන් අදටත් බොහෝ රසික රසිකාවියන් ඉතාමත්ම කැමැත්තෙන් යුතුව රස විඳින බව නොරහසක්. නමුත් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ යම් යම් නොගැළපීම් තත්ත්වයන් නිසාම එම විවාහයට සමුදීම ට ඔවුන් දෙදෙනා තීරණය කරනවා. ඒත් ඔවුන් අදටත් ඉතාම ආදරණීය විදිහට හොඳම සමීපතයන් ලෙසින් කල් ගත කරන බව අපට සමාජ මාධ්‍ය තුලින් දැක ගන්නට පුළුවන්.

කොහොම නමුත් ඉන්පසු දෙවැනි වරට සමිතා මුදුන්කොටුව චිරන්ත නමැති තරුණයෙක් සමඟ යුගදිවියට එළඹෙනවා. ඔවුන් දෙපළ ඉතාම ආදරයෙන් යුතුව තමයි කල් ගත කරන්නේ. ඉතින් පසුගිය කාල වකවානුව තුළදී ඔවුන් දෙපළ බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වුනා. ඉතින් ඒ අතරෙන් පැතිර ගිය කතාවක් තමයි සමිතා මුදුන්කොටුව මහත්මිය නැවත වරක් මව් පදවිය ලැබීමට සූදානමින් සිටින බව. ඉතින් ඒ ගැන ඇය වීඩියෝවක් මගින් ඇත්ත නැත්ත පැවසීමට තීරණය කළා. ඇය එහිදී පවසා සිටියේ මෙවැන්නක්.

” මන් ගැන මගේ සැමියා ගැන වගේම දරුවන් ගැනත් සමාජ මාධ්‍ය වල ගොසිප් දාල තියනවා මම දකිනවා. නමුත් සාමාන්‍යයෙන් මම කවුරුත් කියන බොරු කතා ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. ඒත් කෙනෙක් ගැන යම් දෙයක් කියනවානම් ඒකට හේතුවක් සාක්ෂියක් තියෙන්න ඕන. හිතෙන හිතෙන විදියට මිනිස්සුන්ට මඩ ගහන එක හොඳ දෙයක් නෙවෙයි. මමත් ඔය කියන හැමදෙයක්ම ගැන ඕනවටත් වඩා ඉවසගෙන හිටියා. ඒත් මේකට උත්තරයක් නොදී හිටියොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා කියන්න ඕන කියලා හිතුවා. ඒ තමයි මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා තැන් තැන් වල පෝස්ට් හදලා දාලා තියනවා.

මං මුලින්ම ඔයාලගෙන් අහන්න කැමතියි යම් කෙනෙකු ගැන එහෙම දෙයක් කියන්නේ කොහොමද. කවුරුහරි විවහා වුනාම දරුවන් හදනවද නැද්ද කොච්චර කාලෙකින්ද බබාලා හදන්නේ කියන ප්‍රශ්නය කෙනෙකුගෙන් අහන එක හරිද. එතකොට කිසිම හේතුවක් නැතුව මගෙන් බබෙක් ලැබෙන්න ඉන්නවද කියලා අහන එක හරිද. ඇත්තෙන්ම මම කණගාටු වෙනවා මෙහෙම මිනිස්සු කරන දේවල් ගැන. තවත් කෙනෙක් ගැන මේ වගේ බොරු ප්‍රචාර කරන එක කොච්චර වැරදි දෙයක්ද. “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය ගායන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.