Celebrity Gossip

එයාව අතරමං කරයි කියලා හිතුවට මං එහෙම නෑ මගේ ආදරය අවුරුදු 14ක්

අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ කාලයක් සිට ප්‍රසිද්ධ වුණ චරිතයක් තමයි චිලී තිලංක කියන්නෙ . දඩබ්බර චරිතයක් ලෙස කවුරුත් හඳුනන චිලී ප්‍රසිද්ධ ගීත ගණනාවකටම හිමිකම් කියන හරි අපූරු චරිතයක්

චිලී මේ වෙනකොට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරලා දැන් ආදරණීය පිය පදවිය ලබලා දරු සුරතල් බලමින් ඉන්න කාලයක් කිව්වොත් හරි තමන්ගේ දරුවා අතට ගත්තහම ජීවිතේ එයාට බරක් දැනුනා කියලා චිලී ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම කියා ගන්න බැරි තරම් සතුටකින් දැන් ජීවිතයේ විදිනවා කියලා එක් අවස්ථාවක කියලා තියෙනවා.

චිලීගේ ආදරවන්තිය ගැන කතා කරද්දී ගොඩක් දෙනා දන්නේ නැහැ කොහොමද මේක පටන් ගත්තෙ කියලා. අපි හිතුවා චිලී එක්තරා වැඩසටහනක දී සිය ආදරවන්තී හමු වුණු හැටි කියපු විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න

එයා හිටියේ ඉතාලියෙ අපි මුලින්ම ෆේස්බුක් එකේ හොද යාළුවො මුලින්ම අපිට තිබුනේ යාළුකමක් .එයා මුලින්ම ලංකාවට ඇවිල්ලා හම්බුනාට පස්සේ මම දැනගත්තා එයාට මාව විශේෂයි කියලා i am ready to love සිංදුව ලිව්වට පස්සේ තමයි අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්තෙ. මම එයාට මුලින්ම දුන්නේ පෙන්ඩන්ට් එකක් ජීවිත කාලෙටම මතක තියෙන්න තමයි ඒක දුන්නේ අපි දෙන්නගෙ ආදරේ අවුරුදු දාහතරක් තිබුනා. එයාගෙ ඥාතීන් හිතුවා මං සෙල්ලක් කාරයෙක් එයාව අතරමං කරයි කියලා ඒත් අම්මා තාත්තා නං එහෙම හිතුවේ නෑ එයත් එක්ක යාලුවෙන කොට මට වයස විසි තුනයි.

ඔහොම තමයි එයාගේ ආදරය ගැන සමාජ මාධ්‍යක් වශයෙන් හෙළිකරලා තිබුනෙ. චිලි ඉස්සරහට තවත් ලස්සනට සින්දු කියන්න වගේම සාර්ථක පවුල් ජීවිතයට අපි සුභ පතනවා.