Celebrity Gossip

ගාමිණී ෆොන්සේකාගෙ ලොකු දුව මගෙ අම්මා. සීයා නැති වෙද්දි මට අවුරුදු 14යි – ජනික් ජයසූරිය

ජනික් ජයසූරිය කියලා කියන්නේ මේ දවස්වල අපිට නුපුරුදු චරිතයක් නම් නෙමෙයි. ඒ නර්තන ලොවේ ප්‍රවීණ ආචාර්යවරුන් වන ඡන්න විජේවර්ධනයන්ගේ සහ උපුලී පණීභාරතයන්ගේ එකම දුව වන අසේකා විජේවර්ධනගේ අත ගත් තරුණයා තමයි ජනික් ජයසූරිය කියලා කියන්නෙ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නම ගිය පුද්ගලයෙක් වන ඔහු අසේකාට විවාහ යෝජනාව කරන්නේත් හරි අපූරු විදිහට. හෙලිකොප්ටරයක නැගී එන අසේකා හට ඇය වත් නොසිතු විදිහට තමයි ඔහු එම විවාහ යෝජනාව සිදු කරන්නේ.

ඉතින් ඒ වගේම පසුගිය දිනක ඔවුන්ගේ මංගල උත්සවයත් ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් කලා තරු පිරිවරා ගෙන පැවැත්වුන බව සමාජ මාධ්‍ය තුළින් අපට දැක බලාගන්නට පුළුවන් වුණා. ඉතින් එහිදී කාගේත් අවධානයට යොමු වූ කරුණක් තමයි ඇයගේ හොදම යෙහෙළිය වන දිනක්ෂි ප්‍රියසාදුත් ඇයගේ දෙවන මනමාලියක් ලෙස හැඩ ගැන්වී සිටීම. මොකද දිනක්ෂි කියලා කියන්නේ මේ වන විට ආදරණීය දියණියකගේ මවක්. නමුත් ඉතින් සැබෑ මිතුදම ට ඒ කිසිවක් අදාළ නැති නිසා වෙන්න ඇති ඇය අසේකාගේ දෙවන මනමාලියක් ලෙස හැඩගැන්වී සිටියේ.

අසේකා විජේවර්ධන කලාවට සෘජුවම සම්බන්ධ වුවත් ජනික් ජයසූරිය කලාවේදී අපිට දැකගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඔහුගේ මවගේ පැත්තෙන් ගත්තොත් ඔවුන් කලාවට ඉතාමත්ම සමීප අය. ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී ෆොන්සේකා කියලා කියන්නේ ඔහුගේ ආදරණීය සීයායි. ඉතිං ඒ ගැන ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටියෙ මේ විදියට.

” අපේ පවුල ව්‍යාපාරික පවුලක් උනාට අපේ අම්මගේ පැත්තෙන් කලාවට සම්බන්ධයි. අපේ අම්මා තමයි ගාමිණී ෆොන්සේකාගේ ලොකු දුව. සීයා නැතිවෙනකොට මට අවුරුදු දා හතරයි. මම පොඩි කාලේ සීය එක්ක එකට ඉදලා තියෙයි. ඒත් ලොකු වුණාම අපිට සීය එක්ක ඉන්න ලැබිලා නෑ. ඒත් එකට හිටපු කාලේ තවමත් මගෙ මතකේ තියෙනවා. සීයා ඉස්සර ඉදලා උත්සහ කලා අපිව කලාවට එකතු කරගන්න. ඉතින් මට නටන්නත් බෑ , සිංදු කියන්නත් බෑ කලාව මට අපහසු දෙයක්. අපිව කලාවට ගන්න බල කලේ නෑ. මොකද මට ඒ හැකියාව නෑ. ඒත් මම කැමතියි දැන්නම් සීයගෙ නම ගෙනියන්න. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඔවුන්ගේ සියලුම වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.