Celebrity Gossip

චන්දිමාල්ට පියුමිගෙන් ලක්ෂ 15ක් වටිනා තෑග්ගක් උතුම් මිතුරුකම

චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ සිටින දැවැන්ත චරිතයක්. ඒ වගේම තමයි ඔහු mrs sri lanka , Mis sri lanka වැනි ජාත්‍යන්තර තලයේ තරගාවලීන් වල ප්‍රධාන විනිසුරුවරයෙකු වශයෙන් ද කටයුතු කරනවා. ඔහු බොහෝ පුන්‍ය කටයුතු සඳහා ද සිය අනුග්‍රහය නිරන්තරයෙන්ම ලබා දෙනවා. ඉතින් චන්දිමාල් සහ පියුමි හංසමාලි කියලා කියන්නේ හොඳම යහලුවන් බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්. ෆේස්බුක් istergram සමාජ මාධ්‍ය තුළින් අපට එය නිරන්තරයෙන්ම දැක බලාගන්නට පුළුවන්.

පියුමි හංසමාලිගේ පෙම්වතා වන ප්‍රගීත් විසින් පසුගිය දිනකදී ඇයට අධි සුඛෝපභෝගී මෝටර් රථයක් තෑගි දෙනු ලැබුවා. එහිදී ඔවුන් චන්දිමාල් ජයසිංහ සමඟ විනෝද චාරිකාවකට ද සහභාගි වී තිබුන බව සමාජ මාධ්‍ය ඔස්සේ අපට දැක ගන්නට පුළුවන් වුණා. ඉතින් අද කතා කරන්නට යන්නේ ඔවුන් දෙදෙනාගේ මෙම මිත්‍රත්වයේ අපූරු සංකේතයක් පිළිබඳවයි. ඒ තමයි තම හොඳම යහළුවා වන චන්දිමාල් ජයසිංහට රුපියල් ලක්ෂ 15 ක් වටිනා රන් ආභරණයක් පියුමි හංසමාලි විසින් තෑගි දීල තියෙනවා. ඉතින් ඒ ගැන චන්දිමාල් සිය නිල ෆේස්බුක් පිටුවේ ඡායාරූපයක් සහ වීඩියෝ පටයක් සමග සටහනක් පල කරන්නටත් අමතක කරල තිබුනෙ නැහැ. ඒ මේ විදියට.

‘ අවුරුදු 36 ක ජිවිතේ යාලුවෙක්ගෙන් මට ලැබුනු වටිනම පලවෙනි තැග්ග මිනිස්සුන්ට යාලුවොන්ට උදවු කරලා හොද කරලා ලැබුනෙම නරක නාමයක් එක්කො කලකිරිමක් විතරයි පියුමිට මිනිස්සු බනිද්දි මම එයා එක්ක හැමදාම හිටියා අද එයා හොද තැනක එයා ජිවිතේ දිනනවා බලන්න මම හරි ආසාවෙන් හිටියා මුල මතක ඔයාට කවදාවත් වරදින්නෙ නැ මේ තැග්ග ලක්ශ 15 උනාට මේක මට කෝටි ගානක් වටිනවා

ඔයා අද රගන්නෙ ඔයා දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් අනුන්ගෙන් කඩා වඩාගෙන අහසින් යනවට වඩා දුක් මහන්සියෙන් ලබාගත්ත දේවල්වලින් පොලවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ගෙ දුක දන්න හමදාම මගේ හොදම යාලුවාට ජය qeen Piumi Hansamali හැමෝටම කියන්න ඕන Thank u බැන්නට ‘

ඉතින් මෙම සටහනට පිළිතුරු සටහනක් පියුමි හංසමාලි comment එකක් විදිහට මෙලෙස සටහන් කරලා තියෙනවා.

‘ හැම පාරම ඔයාගෙ birthdays වලට එන්න මට ඇදුම් හදන්න සල්ලි නැ. ඔයාම තමයි මට හැම දෙකටම සල්ලි කියක් හරි දෙන්න හිටිය එකම යාලුවා. මට හැමදෙම හොදටම මතකයි. ඉතිං මට ලැබුන කාලෙක මම හිතුවා ඔයාට තැග්ගක් අරං දෙන්න ඔනෙ කියලා ‘

ඉතින් ඔවුන්ගේ මෙම මිත්‍රත්වය අව්‍යාජ බැඳීමක් බව මෙයින්ම ඔප්පු වෙනවා. ඉතින් හැමදාම මේ ආදරණීය බැඳීම ඔවුන් අතර පවතීවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.