Celebrity Gossip

ලස්සන හින්දම පරෙස්සම් වෙන චාන්දනීගෙ දුව ජැකලින්

චාන්දනී කියන්නෙ කණ්ඩායම් සංගීතය තුල නොමැකෙන නාමයක්.අනූව දෙදහා දශකවල කණ්ඩායම් සංගීතයේදී තරුණියන්ට තිබුනු නියෝජනය හරිම අඩුයි.මරියසෙල් ,කොරීන්,ඩැලරින් වැනි කිහිපදෙනෙක් අතරෙදි ඉදිරියට ආ ඇය පසුව තම දෙවන විවාහයට පසු තව තවත් ජනප්‍රියත්වයට පත්වුනා.ඇගේ ගීත අතර රගන තාල වයා,ලස්සන සමනලයෝ වැනි ගීත බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වුනා.

” කණ්ඩායම් සංගීතය කියන දේ ගොඩක් වැදගත් කියල මට දැනුනෙ අද වෙත්දි ඒකට හොද ප්‍රවනතාවයක් හැදිල තියෙන නිසාමයි.ඉතින් මම වැඩි කාර්යබුහල කෙනෙක් නම් නෙවෙයි.මගෙ ජනප්‍රිය වෙච්ච ගීත දහය වුනත් රසිකයන් අතරෙ මතක තියෙන එක ගැන නම් ලොකු සතුටක් තියෙනව”

මෙි වෙද්දි චාන්දනීගෙ දියණිය ජැකලින් තමන්ගෙම කියලා මාර්ගයක යන එක ගැනත් ඇය ඉන්නෙ අපමණ සතුටකින්.

” ඇත්තටම ජැකලින් ඉන්නෙ අලුත් පරපුරත් එක්ක මම ඒ ගැන ගොඩක් සතුටුවෙනව.මොකද ඇය හැමතිස්සෙ ම අලුත් දේ හොයාගෙන යද්දි තමයි හමුවෙන්නෙ තමන්ව.ඉස්සර මාත් ඒ දේ කලා.තරගකාරී බවට නම් මම එච්චර කැමති කෙනෙක් නෙවෙයි.හරියටම කිව්වොතින් මම කලින් හිටිය චාන්දනී හෙට්ටි ආරච්චිම තමයි “

චාන්දනී තමන්ගෙ දියණිය අනන්‍යතාවයක් ඇතිව කටයුතු කිරීම ගැන සතුටු වන බවත් පවසනව⁣.තමන් ඇය වෙනුවෙන් උපරිම සහයක් දෙන බවත් පවසනවා.

” අම්මා තමයි මගෙ ලෝකෙ එකම වීරවරිය කියලයි මම හිතන්නෙ.මම එයා දිහා බලාගෙන තමයි ඉදිරියට යන්නෙ.අනික මාත් හෙමින් ගමනක් යන්න කැමති කෙනෙක් “

කොහොම වුනත් කාලයකට පෙර ජැකලින් එක්තරා ඕඩියෝ උපකරණ විකුණන ආයතනයක වැඩ කරන කාලෙ වෙනස් සිදුවීමක් වෙලා තියෙනව.ඒ ආයතනයේ සංගීත භාණ්ඩ ආදිය විකුණන්න තිබුන වගේම හැමෝටම සේල්ස් ටාගට් එකක් තිබිල තියෙනව.ඉතින් ඒ ටාගට් එක කරගන්න බැරි හේතුවආයතනයේ ලොක්කෙක් අහද්දි ජැකලින් අඩන්න අරගෙන තියෙනවා.

” මම එච්චර කැමති නෑ අම්මගෙ ගීත කියන්න.මම ගීත කියන්න ගිහින් රගපාන්නත් අවස්ථාවක් ලැබුන .ඒත් මම ඒක තේරුම් ගත්තෙ රංගනය මට ලේසිනෑ කියලයි.