Celebrity Gossip

අපේ ජීවිතෙත් දැන් හරියට නයා සහ ඉනිමඟ වගේ තමයි – පේෂල මනෝජ්

පේෂල මනෝජ් කියල කියන්නේ වර්තමානය වන විට කවුරුත් දන්න කියන චරිතයක්. අති දක්ෂ තබ්ලා වාදන ශිල්පියෙකු ලෙස සහ ගායන ශිල්පියෙකු ලෙස ඔහු කරළියට ආ නමුදු මේ දිනවල ඔහු වැඩිපුරම ජනප්‍රිය වී සිටින්නේ නිවේදන ක්ෂේත්‍රය ඔස්සේයි. ඒ දෙරණ නාලිකාවේ විකාශය වන derana champion star unlimited වැඩසටහන නිසයි. සචිනි සහ මාධව සමඟ එම වැඩසටහන විනෝදකාමීව වර්ණ ගන්වන ඔහු සැබැවින්ම කාගේත් ආකර්ෂණය දිනාගත් දක්ෂ කලා ශිල්පියෙක් වනවා. ඔහු මේ වන විට නිවේදන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් වන පුර්නිකා පිරිස් සමඟ විවාහ සමග විවාහ වී සිටින අතර ඔවුන් දෙපළට සුරතල් දරුවෙක් ද සිටිනවා. ඉතිං පසුගියදා ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ නවතම තොරතුරු රසිකයා සමඟ බෙදා ගත්තේ මේ විදියට.

‘ අපේ ජීවිතෙත් දැන් හරියට නයා සහ ඉනිමඟ වගේ තමයි. මුල ඉදලා පටන් ගද්දී මොකක් හෝ හේතුවක් නිසා ආයෙත් පහළට යන්න සිදු වෙනවා. කොහොම වුණත් ජීවිතේ ගෙවනවා ගෙදර වැඩකටයුතු වගේම සංගීත වැඩ කටයුතු එක්ක. නිවේදනය වගේම මගේ ඇකඩමි එකේ පංති වැඩ වලටත් මුලික තැන දෙනවා. ‘
රාජකාරි වැඩවලට අමතරව ගෘහමුලිකයාගේ වැඩකටයුතු හරියාකාරව කරනවද, නැත්නම් පූර්ණිකා පිට පටවලා පැත්තකට වෙනවද යන්න මාධ්‍යවේදියා ඇසූ පැනයට ඔහු පිළිතුරු දුන්නේ මේ විදිහට.

‘ ගෙදර ඉන්නකොට පූර්ණිකාට උදව් කරනවා නොකර ඉන්නේ නැහැ. ඔයා මේ ටික කරන්න මම මේ ටික කරන්නේ කියන ප්‍රතිපත්ති වල නැහැ . බලලා කරන්න තියෙන දේවල් කරන පුරුද්ද අපි දෙන්නටම තියෙනවා. ‘

ඒ වගේම තමයි මේ දවස් වල බොහෝ දෙනා කතා වෙන දෙයක් තමයි පේෂල මනෝජ් දේශපාලන වේදිකාවට අවතීර්ණ වීමට සූදානම් යන වග. ඉතින් ඒ ගැන ඔහු දරන්නේ මේ වගේ අදහසක්.

‘ දේශපාලනය කියන්නේ හොඳ විෂයක්. මම කැමති විෂයක්. නමුත් ලංකාවේ තියෙන්නේ හරි දේශපාලනය නෙමෙයි. ඒ නිසා මම කොහොමත් දේශපාලනයට එන්නේ නැහැ. නමුත් ලංකාවේ සිස්ටම් එක වෙනස් වෙලා හොඳ දෙයක් වෙනවා නම් හොඳයි කියලා හිතනවා. ‘

ඉතින් කවුරුත් ආදරේ කරන මේ ආදරණීය කලාකරුවා එම මාධ්‍ය සාකච්ඡාවට ඒ විදිහට තමයි පිළිතුරු ලබා දීල තිබුනෙ. ඉතින් ඔහුගේ සියලුම වැඩ කටයුතු ඔහු සිතන පතන ආකාරයෙන් ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.