Celebrity Gossip

සිංගල් මම් කෙනෙක් වුණොත් ජීවිතය ශක්තිමත්ව ගෙනියන්න පුළුවන් මං වගේ – චම්පා කල්හාරි

චම්පා කල්හාරි කියල කියන්නේ කලක පටන් මියුරු ගීතයෙන් රසිකයාගේ සවන්පත් පින වූ ආදරණීය ගායන ශිල්පිනියක්.ඇය ගායනා කරන ලද ගීතයන් තුළ ඇති සුමිහිරි බව නිසාම තමයි අදටත් රසික රසිකාවියන්ගෙන් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඇයට ලැබෙනවා.ඉතින් පසුගිය දා ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් තුළදී ඇයගේ නවතම තොරතුරු පිළිබඳව රසිකයා සමග සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

ඇත්තටම මුලින්ම කියන්න ඕනේ මගේ ගීතයන් වලට ආදරේ කරන ලොකු රසිකයන් පිරිසක් මට ඉන්නවා.මට හොඳ නෑදෑ පිරිසක් ඉන්නවා.ඒ වගේම ඔවුන්ගෙන් පුදුමාකාර සහයෝගයක් මට ලැබෙන්නේ.මං මේ වන විට චිත්‍රපට හැත්තෑවකට අධික ප්‍රමාණයක ගීත ගායනා කරලා තියෙනවා.කලා ක්ෂේත්‍රය තුළ සිටි විජය කුමාරතුංග ගාමිණී ෆොන්සේකා වගේ ජේෂ්ඨයන් රඟපාන ලද චිත්‍රපට තුළ පවා මම ගීත ගායනා කරලා තියෙනවා.ඒ වගේම තමයි මගේ කටහඬ හින්දි අනුසාරයෙන් තමයි ගායනා වෙන්නේ.ඉතින් ඒ නිසාම මට හින්දි ගීත කියලා ලේබලය කුත් වැදුන.ඉතින් ඇත්තටම ඒක නරක දෙයක් නෙවෙයි නිසා මම ගොඩක් සතුටු වුණා.

මං මේකත් කියන්න ඕනේ.මගේ පියා ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්.ඇත්තටම මගේ තාත්තා දැනගෙන හිටියේ නැහැ මට ගීත ගායනා කරන්න පුළුවන් කියලා.දවසක් අපේ ගෙදරට සනත් නන්දසිරි අංකල් සහ මල් කාන්ති ඇන්ටි ආපු වෙලාවක තමයි කියලා තියෙන්නේ මට ගීත ගායනා කරන්න පුළුවන් කියලා.එදා ඉඳන් පාන්දර හතරට පහට නැගිට්ටවනවා.සා කියන්න කියනවා.

ඇත්තටම මම කවුරු හම්බවුණත් වෙනස් නොවන චරිතයක්.මම මමම තමයි.මම සාමාන්‍යයෙන් අහක යන නයි දාගන්නෙ නැතුව අනවශ්‍ය දේවල් වලට මගෙ වටිනා කාලය වෙන් කරන්නෙ නැතුව මගේ පාඩුවේ ජීවිතය ගෙනියන කෙනෙක්.මගේ පුතාත් මං වගේම තමයි.එයා හරිම සංයමයෙන් ඉන්න කෙනෙක්.ඇත්තටම මම single මාම් කියන රාමුව ඇතුළෙ තමයි ඉන්නේ.ඇත්තටම ඒක ගැන ලොකුවට කතා කළාට ඒක අලුත් දෙයක් නෙමෙයි.ඕනම දරුවෙක් එක්ක මවක් තනි වුනොත් එයා single මාම් කෙනෙක් තමයි.සිංගල් වුනොත් ඒක පුදුම ශක්තියක් එක්ක යන්න පුළුවන් ගමනක්.මාත් ඒ වගේ කෙනෙක්.මගේ පුතාගෙ අධ්‍යාපන කටයුතු සඳහා මගෙ උපරිම සහයෝගය මං එයාට ලබල දෙනව.

යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් මේ ආදරණීය ගීත කෝකිලාවිය ගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම එලෙසින් ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.