Celebrity Gossip

කාවින්ද්‍යා අධිකාරීගේ පෙම්වතා කෙල්ලන්ගෙ ක්‍රෂ් එක වන චාමික කරුණාරත්න

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න කියලා කියන්න මේ දවස් වල වැඩිපුරම කාගේත් අවදානයට සහ ආකර්ෂණයට නතු වූ කඩවසම් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 1996 වසරේ උපත ලද චාමික ඉතාමත්ම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම බැට්මින්ටන් ක්‍රීඩකයෙක් වනවා. 2019 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තලයට පිවිසුණු ඔහු පසුගිය දිනවල දී පැවැත් වුනු ආසියානු ක්‍රිකට් තරඟාවලියේ කුසලානය දිනා ගැනීමට සිය උපරිම දස්කම් විදහා පෑ නිසාම බොහෝ දෙනාගේ අවධානය ඔහු වෙත යොමු වුණා. ඉතින් ඔහුගේ විනෝදකාමී හැසිරීම් රටාවත් කඩවසම් පෙනුමත් නිසාම බොහෝ තරුණියන්ගේ ආදරය නිරන්තරයෙන් ම ඔහුට හිමිවුණා. ඔහු වෙනුවෙන් බොහෝ මීම්ස් මේ වෙනකොටත් සමාජ මාධ්‍ය තුළ සැරිසරන බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

ඉතින් පසුගිය දිනකදී බොහෝ රූපවාහිනී මාධ්‍ය සාකච්ඡා වලට ක්‍රිකට් තරු වලට ආරාධනා ලැබුණා. ඉතින් එම වැඩසටහන් තුළ දී බොහෝ රසිකයින් ඔවුන්ට දුරකථන ඇමතුමක් දී තම හදවතේ තිබෙන අව්‍යාජ අදහස් ඔවුන් වෙත පවසා සිටි අතර බොහෝ රසික රසිකාවියන් පිරිසක් එම වැඩසටහන් නැරඹූ බව නම් නොරහසක්. ඉතින් ගිය සතියේ දී රංගන ද සිල්වා නිවේදන කටයුතු සිදු කරන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන හිත ඉල්ලන තරු වැඩසටහනට ක්‍රිකට් තරු හයකට ආරාධනා ලැබී තිබුණා.

ඉතින් ඒ අතර චාමික කරුණාරත්නත් සිටි නිසා බොහෝ රසික රසිකාවියන්ගෙන් ඔහුට ඇමතුම් ලැබුණා. ඉතින් ඒ අතරේ දී ඔවුන්ට ගීත ගායනයට ද අවස්ථාවක් ලැබුණා. ගීත ගායනය සඳහා ජනප්‍රිය ගායන ශිල්පිනී කාවින්දයා අධිකාරි සහ දිල්කි උරේෂාත් එක්ව සිටියා. ඉතින් එහිදී එක් අවස්ථාවක කාවින්ද්‍ය අධිකාරි සහ චාමික කරුණාරත්න එක්ව ගීතයක් ගායනා කළ අතර එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක් සමග කාවින්දයා අධිකාරි සිය මුහුණු පොත තුළ අපූරු ආදරණීය සටහනක් පළ කරලා තිබුණා. ඉතින් එම සටහන සඳහා බොහෝ රසික රසිකාවියන්ගෙන් නොයෙක් ආකාරයේ ප්‍රතිචාර ලැබී තිබුණු අතර ඔවුන් දෙදෙනා පෙම්වතුන් වෙනවානම් හොඳයි කියලත් ගොඩක් අය comment දමා තිබුණා. ඉතින් ඇය සටහන් කරලා තිබුණේ මෙවන් දෙයක්.

” හාර්ට් එක පොඩ්ඩක් තත්පරයකට නැවතුනේ නැතුවම නෙවෙයි “

ඒත් ඉතින් කාවින්ද්‍යා ඔහු ඇයගේ පෙම්වතා කියලා නම් එහිදී සටහන් කරලා තිබුණේ නැහැ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය දෙපළගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.