Celebrity Gossip

දෙදෙනා අතර හොද අවබෝධයක් තියෙන්න ඕන විවාහය රැක ගැනීමට නම් – වත්සලා දියලගොඩ

වත්සලා දියලගොඩ කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින කටකාර හැඩකාර රුවැත්තියක්.ඇය රංගනයෙන් දායක වූ බොහෝ නිර්මාණ ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැලඳගත්තේ ඇයගේ රංගනයේ ඇති තාත්වික බව නිසාමයි.ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය කළ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ ඇය රංගනයෙන් දායක වූ නිරාශා චරිතයට බොහෝ රසික රසිකාවියන් ආදරය කරන්නට පටන් ගත්තා.කටකාර යුවතියකගේ චරිතයක් වූ එම චරිතය ඇයට කිරීමට ඉතාමත්ම පහසු වූයේ ඇය සැබෑ ජීවිතයේදීත් කටකාර දඟකාර රුවැත්තියක් වූ නිසාමයි.

ඇයට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටින අතර ඇගේ සහෝදරිය වන බුවිනි චාපා දියලගොඩ රංගන ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වනවා.වත්සලා දියලගොඩ පුංචි තිරයේ ටෙලිනාට්‍ය තුළ පමණක් නොව රිදී තිරයේ සිනමාපට තුළත් වෙළඳ දැන්වීම් තුළත් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා.කෙසේ නමුත් වත්සලා මේ දිනවල දී නම් අපට නිර්මාණ තුළ දැකගන්නට ලැබෙන්නේ නැහැ.නිර්මාණ වලට දායක නොවූ නමුත් ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැති බව තමයි ඇය පවසා සිටියේ.

මේ වන විට විවාහ වී සිටින වත්සලා ආදරණීය පුංචි දියණියකගේ වගකීම් සහගත මවක් ද වනවා.2009 වසරේ අගෝස්තු 29 වන දින ඇය විවාහ දිවියට එළඹෙනවා.ඇය විවාහ වන්නේ ව්‍යාපාරිකයෙකු සමඟ වන අතර ඔහු නමින් ප්‍රසංග ගුණතුංග වනවා.කෙසේ නමුත් මේ දිනවල දී රංගන කටයුතුවලින් ඈත්ව සිටියත් ඉදිරියේදී හොද තත්වයේ නිර්මාණ සඳහා රංගනයෙන් දායකවීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඇය පවසා සිටිනවා.ඒ වගේම තමයි ඇය ඉතාමත්ම සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම කාටත් ආදර්ශයක්.ඒ පිළිබඳව ඇය පවසා සිටියේ විවාහය රැකගැනීම සහ සාර්ථක කර ගැනීම කියන්නේ එක්තරා කලාවක්.යනුවෙනි.ඉතින් ඇයගේ සියලුම අනාගත කටයුතු සාර්ථක වේවා කියලා පතන ගමන්ම ඉදිරියේදී නව නිර්මාණ රැසක් ඔස්සේ රසිකයා පිනවීමට හැකි වේවා යි ද ප්‍රාර්ථනා කරනවා.