Celebrity Gossip

පියුමි හංසමාලි නිදා ගත්තම නින්දෙන් ගොරවනවා කියල අනුජ් දන්නේ කොහොමද – අනුජ් රණසිංහ

අනුජ් රණසිංහ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ඔස්සේ රංගනයට පිවිසි කලා ක්ෂේත්රයේ සිටින ඉතාම කඩවසම් රංගන ශිල්පියෙක්.ඔහුගේ කඩවසම් පෙනුම නිසාම ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් වැඩිම ප්‍රතිචාර ප්‍රමාණයක් හිමි වන්නේ තරුණියන්ගෙන්ය.ඒ තරමටම රසික ආකර්ෂණය දිනාගත් ඔහු මෝස්තර නිරූපණකරණය ඔස්සේ බොහෝ විලාසිතාවන් ශ්‍රී ලාංකීය විලාසිතා ක්ෂේත්‍රයට හදුන්වා දුන්නා.රංගනය සඳහා ද ආරාධනය ඔහුට ලැබුණේ නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේයි.

ඔහු මුලින්ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ නිරූපණය හරහා.හැබැයි ඔහු දැන් රංගනයට යොමු වෙලා තියෙන නිසා මෝස්තර නිරූපණයකරණයෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ.හැබැයි සම්පූර්ණයෙන්ම අයින් වෙලා නැහැ කියලා තමයි ඔහු පවසා සිටියේ.

ඔහු දකින විදියට නළුකම කියලා කියන්නේ ජනප්‍රිය වෙන එකම නෙමෙයි.නළුවෙක්ගේ ඉදිරි ගමන තීරණය වෙන්නේ ජනප්‍රියත්වය පමණක් මත පදනම් වෙලා නෙවෙයි.ඔහුට ඒ සඳහා දක්ෂතාවයත් අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.ඔහු ඉස්සර හිතාගෙන ඉඳලා තියෙන්නෙ නළුකම කියලා කියන්නේ ජනප්‍රිය වෙන එක කියලා.නමුත් කාලයක් ක්ෂේත්රයේ රැඳී සිටියා ම තමයි ඔහුට තේරිලා තියෙන්නේ නළුවෙක් විදියට තමන්ට ලැබෙන චරිත වලට සාධාරණය ඉෂ්ට කර රඟපාන එක තමයි නියම නළුකම කියලා.මේ වන විට ගුවන් සේවිකාවක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන ඔහු පසුගිය දිනෙක දී එක්තරා youtube යූටියුබ් වැඩසටහනකට පියුමි හංසමාලි සමඟ සහභාගි වූවා.

පියුමි හංසමාලි කියන්නෙත් කලා ක්ෂේත්‍රය තුළ සිටින නිරන්තරයෙන් කතා මවන සුන්දර රුවකට හිමිකම් කියන තරුණියක් වනවා.ඉතින් ඇයත් සමඟ සහභාගි වූ මෙම වැඩසටහනේදී අනුජ් රණසිංහ අපූරු ප්‍රකාශයක් කරනවා.ඒ තමයි පියුමි නින්දෙන් ගොරවනවා කියන එක.එයට හිනාවෙමින් පියුමි පිළිතුරු දෙන්නේ “ඒක දැනගන්න ඔයා මාත් එක්ක නිදා ගත්තෙ නෑනෙ” යනුවෙනි.කෙසේ නමුත් අනුජ් ඇයගේ එම නින්දෙන් ගෙරවීම දැක ඇත්තේ රංගන කටයුතු සඳහා ඇයත් සමග වැඩ කිරීමේදී විවිධ අවස්ථාවන්වලදී ඇය නිදාගන්නවා දැකලයි.කෙසේ නමුත් සුන්දර හෝරා කිහිපයක් එම වැඩසටහන තුළ ඔවුන් ගත කර සිටි බව අපට දැකීමට පුළුවන් වුණා.

අනුජ් රණසිංහ කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වනවා.ඉතින් ඔහුගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම නව නිර්මාණ රැසක් ඔස්සේ ඔහුගේ දක්ෂතා එළිදැක්වීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.