Celebrity Gossip

මම සාමාන්‍යයෙන් ඩුවට් කරන්නේ සමිතා එක්ක විතරයි. මගේ දුව කවී සාරාව ගොඩක් අගය කරනවා

සංගීත ක්ෂේත්‍රය තුළ සිටින කැපී පෙනෙන හඬ පෞරුෂයක් හිමි අපූරු ගායන ශිල්පියෙක් තමයි අතුල අදිකාරි කියලා කියන්නේ. කවදාවත් වයසට නොයන තරුණ පෙනුමකට හිමිකම් කියන ඔහුට බොහෝ රසික රසිකාවියන් ඉතාමත්ම ප්‍රිය කරනවා. ඒ නිසාමයි ඔහු ගායනා කරන ලද පාරාදීසේ , දෛවයේ සරදමින් , ආලෙන් වෙලාගන්න , ඉවසයිද මන්දා ආදී ගීතයන් අදටත් රසික රසිකාවියන් ඉතාමත් වුවමනාවෙන් සහ ඕනෑකමකින් තමයි රස විදින්නේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය ගායන ශිල්පියා පළමු වරට විවාහ වන්නේ අපි කවුරුත් හදුනන දක්ෂ ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුව මහත්මිය සමගයි. ඉතාම ආදරණීය විදිහට පවුල් ජීවිත ගත කළ මොවුන් දෙපලට කාවින්ද්‍යා අධිකාරි සහ ෂේන් නමින් ආදරණීය දරුවන් දෙදෙනෙක් සිටිනවා.

කොහොම වුණත් ඔවුන්ගේ පවුල තුළ ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා එම විවාහයෙන් සමු දීමට තීරණය කරන ඔවුන් ඉන්පසුව ඔවුන්ටම ගැලපෙන සහකරුවන් සහ සහකාරියන් සොයා ගන්නවා. සමිතා මුදුන්කොටුව චිරන්ත නම් තරුණයෙක් සමඟ විවාහ වන අතර අතුල අදිකාරි අමායා සමඟ විවාහ වෙනවා. කොහොම නමුත් අතුල සහ අමායා අතර තිබූ විවාහයත් සාර්ථක විවාහයක් වන්නේ නැහැ. මේ වන විට තනිකඩ දිවියක් ගත කරන අතුල හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යය තුළින් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඉතිං එහිදී ඔහු සහ හෙක්ටර් ඩයස් ගායන ශිල්පීන් දෙපලක් වුවත් ඉතාමත් තාත්විකව තමයි රඟපෑම් කටයුතු සිදුකරන්නෙ. මේ දවස්වල ඔවුන් දෙදෙනාම ගායනා කරන ගීතයක් වන සාරා ගීතයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්. ඉතින් ඔවුන් දෙදෙනාගේ එම ඩුවට් එක ගැන අතුල පවසා තිබුනෙ මේ විදිහට.

” ලංකාවේ නම් ඇත්තට ම පිරිමි හඬවල් දෙකකින් ගීත ඇහෙනවා අඩුයි. මම ගොඩක් වෙලාවට ඩුවට් කියලා කිව්වේ සමිතා එක්ක. මම සාමාන්‍යයෙන් වෙන අයත් එක්ක ඩුවට් කියනවා හරි අඩුයි. මේක හෙක්ටර්ගේ අදහස. මම ඒකට කැමැති වුණා. දෙදෙනාම පැති දෙකකින් රසිකයන් අතර ජනප්‍රියයි. ඒ නිසා අපි දෙන්නා ගීතය කළා. මගේ දුව කාවින්ද්‍යා සාරා ගීතය ගොඩක් අගය කරනවා වගේම විඳිනවා. “

ඉතින් මේ විදියට අදහස් දක්වන මේ ආදරණීය ගායන ශිල්පියාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.