Celebrity Gossip

අනවශ්‍ය ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් මම විලාසිතා කරන්නේ නෑ – අශිකා මතසිංහ

අශිකා මතසිංහ කියන්නේ වෙළඳ දැන්වීම් ඔස්සේ රසික රසිකාවියන්ගේ හදවත දිනාගත් ආදරණීය රුවැත්තියක්.එක් වෙළඳ දැන්වීමක් තුළින් දීර්ඝ කාලීන ජනප්‍රියත්වයක් ලබා ගන්නවා කියන්නේ ඇත්තටම අභියෝගාත්මක දෙයක්.ඒ වගේම තමයි එකට වාසනා ගුණයත් අනිවාර්යෙන්ම තියෙන්න ඕන.මේ දෙකම එකලෙස තියෙන ආදරණීය අශිකා මේ වන විට ඉතාමත්ම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ආදරණීය බිරිඳක් වගේම දරුවන් තුන් දෙනෙකුගේ ආදරණීය මවක් ද වෙනවා.ඇය රංගන ක්ෂේත්‍රය තුළ අපට වැඩිපුර දකින්නට නොලැබුනත් මේ දිනවලදී ඇය නත්තල් ටෙලි නාට්‍යයක රූගත කිරීම්වල නිරත වන බව අපට ආරංචි වුණා.ඉතින් අද අපි ඇය පිළිබඳව කතා කරන්න සිතුවා.ඇය එක් වූ එක්තරා වැඩසටහනකදී ඇයගේ නවතම තොරතුරු ගෙන දැක්වූයේ මේ අයුරින්.

“මේ දිනවල දී නම් හිරු නාලිකාවේ නත්තල් නාට්‍ය හා සම්බන්ධ වී සිටිනවා.මම සාමාන්‍ය වැඩ ගොඩක් බාර ගන්න කෙනෙක් නෙවෙයි.අවුරුදු දෙකකට පස්සේ තමයි මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ.ඒ වගේම තමයි මම මීට කලින් අහස් මාලිගා නාට්‍ය අහිංසාගේ අම්මගෙ චරිතය හා සම්බන්ධ වුණා.ඉතින් ඒකට ගොඩක් හොද ප්‍රතිචාර මට ලැබුණා. මේ දවස් වල කා අතරත් අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වන දිවි තුරා ටෙලිනාට්‍යයේ රංගනය සඳහා මට චාමර අයියගෙන් ආරාධනා ලැබුණා.නමුත් මට ඒ හා සම්බන්ධ වෙන්න බැරි වුණා මේ ගෝලීය වසංගත යත් එක්ක.මොකද මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා.එයාලට අංක එක දෙන්න ඕන මොනවා කරන්නත් කලින්.ඒ උනාට ඒ නාට්‍යය බලද්දි අපරාදේ චරිතය භාරගත්තේ නැත්තෙ කියලා හිතලා දුක් වෙනවා.

මගේ රංගනයට මගේ දරුවන්ගෙන් කිසිම බලපෑමක් එල්ල වෙන්නේ නැහැ.මොකද එයාලා දන්නවා අම්මා කෙනෙක් විදිහට මගෙන් වෙන්න ඕන හැම යුතුකමක්ම මම එයාලට කරලා දෙනවා කියන එක.අනිත් එක මම රඟපාන එක ගැන එයාලට තියෙන්නේ ලොකු සතුටක්.මම වරදක් කරන්නෙ නෑ කියන විශ්වාසෙ මගේ දරුවන්ට තියෙනවා.මගේ මහත්තයා හමුදා සේවයේ නියුතු නිලධාරියෙක්.එයාගෙ රැකියාවේ දී නීතිරීති ක්‍රියාත්මක කළාට ගෙදරදි එයා හරිම හොඳ husband කෙනෙක්.එයා අනවශ්‍ය නීති රීති පවුල තුළ ගොඩ නඟන්නේ නැහැ.මොකද නීති රීති ත් එක්ක පවුල් ජීවිතය පවත්වාගෙන යන්න අමාරුයි.එයාගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා රංගනයට.

මම ඇත්තටම ශරීරය වැඩිපුර නිරාවරණය වන කොට ඇඳුම් විලාසිතා භාවිතා කරන්නේ නැහැ.මොකද මට කොටට ඇඳලා ප්‍රසිද්ධ වෙන්න වුවමනාවක් නැහැ.සමහර නිර්මාණවල චරිත පවා මම ප්‍රතික්ෂේප කරා ඇඳුම් විලාසිතා නිසා.මම අඩුම ගානේ එලියට යනකොට මේකප් එකක් වත් දාගෙන යන්නේ නැහැ.ලිප්ස්ටික් විතරයි පාවිච්චි කරන්නේ.මවක් විදිහට විලාසිතා කරන්න ඕන විදිහ මම හොඳට දන්නවා.නිසා අනවශ්‍ය ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් විලාසිතා කරණයට මම යොමු වෙන්නෙ නෑ කවදාවත්.”

යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ අනාගත කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.