Celebrity Gossip

මාස 3 උත්සාහයෙන් මම එයාව හොයාගත්තා අවුරුදු 8කට පස්සෙ අපි විවාහ වුණා – අෂාන් ප්‍රනාන්දු

අශාන් ප්‍රනාන්දු කියලා කියන්නේ සංගීත ලොව තුල සිටින ජනප්‍රියම ගායන ශිල්පියෙක්. දෛවයේ තීරණයක් , වෙන්වෙන්න තිබුනානම් , සත්තයි ඔයා , මං පතනවා ආදී රසික රසිකාවියන් ඉමහත් ආදරයෙන් වැලඳගත් ගීත රාශියක් ගායනා කරන ලද්දේ මේ ආදරණීය ගායන ශිල්පියා විසිනි. ඔහු මුල් කාලයේදී සිදු කරන ලද්දේ ගායක ගායිකාවන්ට ගීත නිර්මාණය කර දෙන එක. එහිදී ඔහු පළමු වරට පළමුවරට මුල්ම ගීතය නිර්මාණය කරලා දීලා තියෙන්නේ ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දුට. ඒ මට අයිති වෙලා තියන ගීතය.

ඒ වගේම තමයි ඉන්පසු ඔහු අමල් පෙරේරා මහතාටත් සහ දිමන්ක වෙල්ලාලගේටත් තවත් බොහෝ කලාකරුවන්ට ගීත නිර්මාණය කරල දීල තමයි ඔහුගේම ගීත ගායනය සඳහා යොමු වන්නේ. ඉතින් මේ දවස් වල ඔහු ගැන කතා කරද්දි කතා නොකරම බැරි දෙයක් තමයි ඔහුගේ විවාහය. ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් පසුගිය දිනකදී ඔහු සහ ඔහුගේ ආදරණීය පෙම්වතිය වන කුමුදිගේත් විවාහ උත්සවය පැවැත්වුණා. ඉතින් ඔහුගේ සහ ඇයගේ හමුවීම පිළිබඳව ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට අදහස් දක්වල තිබුන මේ විදියට.

” ඇත්තටම දැනට අවුරුදු 8කට කලින් තමයි අපේ ආදර කතාව පටන්ගන්නෙ. නෙළුම් මල් පොකුරක් තියාගෙන ඉන්න පොටෝ එකක් දැකල තමයි මම එයාව හොයන්න පටන්ගන්නෙ. කොහොම හරි මාස තුනක උත්සාහයෙන් පස්සෙ මට එයාව හොයාගන්න පුළුවන් වෙනව. ඒ දවස තමයි අපේ කතාවේ ආරම්භය. ගොඩක් කරදර බාධක හැලහැප්පීම් මැදින් ආපු මේ ගමන අවසානයේ අවුරුදු අටකට පස්සෙ අපි විවාහ වෙනව.

මේ කාලයේදි මම ගායකයෙක් හැටියටවත්, මියුසික් කොම්පෝසර් කෙනෙක් හැටියටවත් ජනප්‍රිය වෙලා නැහැ. මගේ ජීවිතයේ කටුකම අත්දැකීම් ලබන කාලෙ තමයි මට කුමුදිව මුණගැහෙන්නෙ. ඒක මට ගොඩක් වටිනව. ඇය මගේ ජීවිතයට ආවෙ හැමදේම අරගෙන. ඒ මම විශ්වාස කරන එකම දේ. එයාගෙ ජීවිතයෙත් ගොඩක් හීන තියෙන්න ඇති. නමුත් එයා ඒ හැමදේම හංගගෙන මගේ හීන වලට යන්න මට ගොඩක් උදව් කළා. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඔවුන්ගේ අලුතින් ආරම්භ කරන ලද යුග දිවිය හැමදාම සතුටින් ගත කරන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.