Celebrity Gossip

විවාහයෙන් පසු ආරම්භ කළ අලුත් ජීවිතයට අපි තවම හැඩ ගැහෙනවා – අසේකා විජේවර්ධන

අසේකා විජේවර්ධන කියලා කියන්නේ නර්තන ලොව තුළ නමක් දිනාගෙන සිටින ආදරණීය නර්ථන ශිල්පිනියක් වනවා. ඇය ලංකාව තුළ වැඩි වශයෙන්ම ජනප්‍රියත්වයට පත්වී සිටින්නේ ඇයගේ නැටුම් කෞශල්‍ය නිසා මෙන්ම ඇගේ මව සහ පියා නිසයි. ඇයගේ පියා වන්නේ ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජයවර්ධන මහතායි. ඇයගේ මවද ප්‍රවීණ නර්තන ආචාර්යවරියක්. ඒ උපුලී පණීභාරතයි. ඔවුන් දෙදෙනාගේ නැටුම් ආභාෂය එලෙසින් ම උරුම කරගත් අසේකා මේ වන විට නර්තන පාසලක් පවත්වාගෙන යනු ලබනවා. ඉතිං පසුගිය දිනක දී ඇය ගැන වැඩි වශයෙන්ම කතාබහට ලක්වූයේ ඇගේ විවාහ මංගල්‍යය නිසයි.

අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ එම විවාහය සඳහා කලා ලොවේ බොහෝ ප්‍රවීණයන් සහභාගි වී සිටීම විශේෂත්වයක්. ඒ වගේම තමයි ඇයගේ හොඳම යෙහෙළිය වන දිනක්ෂි ප්‍රියසාද් විවාහ වී දියණියකගේ මවක් වී සිටියත් අසේකාගේ විවාහ උත්සවයේ දෙවන මනමාලිය ලෙස හැඩගැන්වී සිටීමත් එම විවාහයේ විශේෂත්වයක්. ඉතින් ඇයගේ විවාහයේ තතු පිළිබඳ ව අසේකා එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට අදහස් දක්වල තිබ්බෙ මේ විදිහට.

‘ අපි දෙන්නට අවශ්‍ය වුණේ විවාහය සෑම දෙයක්ම අපිට ඕනේ විදිහට සැලසුම් කරන්න. ජනික් එන්නේ කතෝලික පවුලකින් මම එන්නෙ බෞද්ධ පවුලකින්. එනිසා අපි දවස් දෙකකට විවාහය සූදානම් කළා. අපිට ඕනේ චාරිත්‍රය විදිහටම කරන්න ගෙවල්වලින් වගේම වෙඩින් එකට උදව් කරපු හැමෝටම ස්තුතියි කියන්න අවශ්‍ය වුණත් නම් වශයෙන් කියන්න බයයි එක නමක් හෝ මඟ හැරේවි කියලා. ‘

ඉතින් ඇයගේ විවාහ දිවිය පිළිබඳව සහ නව ජීවිතය පිළිබඳව ඇය එහිදී අදහස් දැක්වූයේ මේ විදිහට…

‘ විවාහයෙන් පස්සේ ආරම්භ කළ අලුත් ජීවිතයට අපි තවම හැඩ ගැහෙනවා. දැනට නම් ලොකු වෙනසක් නෑ ඒකට හේතුව අපි දැනට ඉන්නේ ජනික්ලගේ ගෙදර නිසා. ලොකු පවුලක් වගේම ලස්සන පවුලක් තියෙනවා. ඒ වගේ මොහුගේ නිවස තියෙන්නෙත් මගේ නිවස අසලමයි. ඒ නිසා මම මගේ අම්ම තාත්ත බලන්නත් නිතරම යනවා. ඒ පවුලත් එක්ක ගත කරන කාලය හරිම සුන්දරයි ‘

ඉතින් කවුරුත් ආදරේ කරන මේ ආදරණීය කලා ශිල්පිනියගේ නව දිවියට සුබ පතන ගමන්ම ඇයගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.