Celebrity Gossip

අපේ අනාගත සහකරුවො සල්ලි තියෙන අය වෙන්න ඕනේ සල්ලි නැතුව අපිව මේන්ටේන් කරන්න බෑ – අනුෂ්කි සහ කණුෂ්කි

අනුෂ්කි සහ කණුෂ්කි කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයට අලුතින්ම එකතු වුන සුරූපී රංගන ශිල්පීනීන් දෙපලක් වනවා. නිවුන් සහෝදරියන් වන මොවුන් රංගනයට ප්‍රථමයෙන් ම ප්‍රවිෂ්ට වෙන්නේ මල් පිපෙන කාලේ ටෙලි නාට්‍ය හරහායි. ඉතිං ඒ ඔස්සේ බොහෝ රසික ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වූ මොවුන් දෙපළ රංගනයට පමණක් නොව නර්තනයටත් එක සේම දස්කම් දැක්වීම විශේෂත්වයක්. ඒ වගේම තමයි මේ දවස්වල ටික් ටොක් මාධ්‍ය ජාලය ඔස්සේත් ඔවුන් දෙදෙනා කැපී පෙනෙන චරිත දෙකක් වෙනවා. නර්තනය සම්බන්ධයෙන් උපාධිය හදාරා කථිකාචාර්යවරියක් වීමට සිහින දකින මොවුන් දෙපලගේ ඊළඟ සිහිනය වන්නේ ඔවුන්ගේ ම නර්තන පාසලක් පටන් ගැනීමයි.

ඒ වගේම තමයි අනූ ඇන්ඩ් කනූ යනුවෙන් ඔවුන් දෙදෙනා youtube channel එකක් ද පටන් අරන් තියෙනවා. ඒ ඔස්සේත් අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට ඔවුන් දෙදෙනාට හැකි වෙලා තියෙනවා. ඉතින් පසුගිය දිනක දී ඔවුන් එක් වූ එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්චාවක දී ඔවුන්ගේ අනාගත සහකරුවන් මොන ආකාරයෙන් විය යුතු ද යැයි ඇසු පැනයකට ඔවුන් පිළිතුරු දුන්නේ මේ විදිහට.

“අනාගත සහකරුවා අවංක,උගත්,ස්ථාවර,සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඕනේ. අපේ අම්මි දන්නවා අපිව සල්ලි නැතුව මේන්ටේන් කරන්න බැහැ. තාත්තට සල්ලි තිබුණ නිසා තමයි අපි හයදෙනා මෙහෙම හදාගත්තේ. තාත්ති නැතිවුණු වෙලේ තාත්තාට දේපල මුකුත් තිබ්බේ නැත්තන් අම්මිට අපිව බලාගන්න වෙන්නැහැ. එක්කෝ අපි ළමා නිවාසෙක. නැත්නම් අම්මට රස්සාවකට යන්න වෙනවා. ඒ නිසා උගත් පොහොසත් කෙනෙක් වෙන්න ඕනේ.”

ඉතින් ඔවුන්ගේ මෙම අදහස් වලට බොහෝ දෙනාගේ විවිධාකාර ප්‍රතිචාර ලැබී තිබුණු බව අපට දැකගන්නට පුළුවන් වුණා. ඉතිං වැඩිමහල් සහෝදරියන් 4 දෙනෙක් සිටින පවුලේ බාලයන් වන මොවුන් දෙදෙනාට පවුලේ සාමාජිකයන් සියලුම දෙනාගෙන් ලැබෙන්නේ ඉමහත් ආදරයක්. ඉතින් ඔවුන්ගේ වැඩ කටයුතු හැමදාම සාර්ථකව කරගෙන යාමට පුළුවන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.