Celebrity Gossip

අවුරුදු 10 ආදර කතාවක් මේ සැබෑ වෙන්න යන්නෙ එයා කාය වර්ධන විනිසුරුවරයෙක් – අනුෂා දමයන්ති

අනුෂා දමයන්ති කියලා කියන්නේ සිංහල සිනමාව තුළ නොමැකෙන සටහන් සනිටුහන් කරන අපූරු රංගන ශිල්පිනියක්. 90 දශකය වන විට නැතිවම බැරි චරිතයක් ඒ ඇයව සිනමාව තුළ පමණක් නොව ටෙලි නාට්‍ය ඔස්සේ ද වේදිකා නාට්‍ය තුළද අපට දැක බලාගන්නට පුළුවන්. රංගන ශිල්පිනියක් පමණක් ම නොවන ඇය ඉතාම දක්ෂ නර්තන ශිල්පිනියක් ද වනවා. ඉතින් අද අපි ඇය පිළිබඳව කතා කරන්නට සිතුවා. පසුගිය දිනක දී ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී ඇය පැවසූ දේවල් පිළිබඳව අද අපි ඔබ වෙත ගෙන එන්නට සිතුවා. ඉතින් අපිට ආරංචි වෙන විදියට ඇය ඇගේ ජීවිතයේ නව පිටුවක් පෙරලන්නට තමයි සූදානමින් සිටින්නේ. ඒ තමයි ඇයගේ විවාහය.

ඉතින් ඇය පවසන පරිදි ඔවුන් විවාහය සැලසුම් කරලා තියෙන 2019 වර්ෂයේ දී. වන විට විශාල පිරිසකට ආරාධනා කරලා කාඩ් පවා බෙදලා දීලා තියෙනවා. ඒ සියලුම දේවල් සූදානම් කර තිබෙන විට තමයි පාස්කු ප්‍රහාරය සිද්ද වෙන්නේ. එම සිදුවීමත් සමග බොහෝ දෙනාට මංගල උත්සවයට සහභාගි වීමට නොහැකි නිසා විවාහය කල් දැමීමට ඔවුන් තීරණය කළ බව ඇය එහිදී පැවසුවා. ඒ වගේම තමයි ඔවුන්ගේ විවාහය ඉතාම චාම් ආකාරයෙන් පවත්වන්නට තමයිලු හිතාගෙන ඉන්නේ. මෙම වසරේ දී අනිවාර්යෙන්ම එය ගන්නට බලාපොරොත්තු වෙන බවත් ඇය එහිදී කියා සිටියා.

ඉතින් මෙම මාධ්‍ය සාකච්ඡාව තුළ දී ඇයගේ පෙම්වතා පිළිබඳව පැවසීමටත් ඇය අමතක කළේ නැහැ. ඇය කියන ආකාරයට ඇයගේ පෙම්වතා ව්‍යාපාරිකයෙක් වගේම කාය වර්ධන විනිසුරුවරයෙක්. ලංකාවේ ඉතාම දක්ෂ කායවර්ධන පුහුණු කරුවෙක් වගේම ලංකාවේ අඩු වයසින් ම ජාත්‍යන්තරය නියෝජනය කළ කාය වර්ධන විනිසුරුවරයා ඔහු කියලා තමයි ඇය එහිදී කියා සිටියේ. ඔවුන්ගේ පෙම් කතාවට දැන් අවුරුදු දහයක් පමණ වන බවත් ඔහු ඇයගේ රසිකයෙක් බවත් එහිදී ඇය කියා සිටිනවා.

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය කලා ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු ඇය සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.