Celebrity Gossip

ඒ පොරොන්දුව අවුරුදු 20 කින් අද මට පුළුවන් උපරිමයෙන් කරලා දුන්නා අනූෂා වෙනුවෙන් චන්දිමාල් තැබූ සටහන

අනුෂා දමයන්ති කියලා කියන්නේ සිංහල සිනමාව තුළ නොමැකෙන සටහන් සනිටුහන් කරන ලද ආදරණීය සුරුපී රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි ඇය ඉතාමත්ම දක්ෂ නර්තන ශිල්පිනියක් ද වනවා. බොහෝ සිනමා පට තුළ ආදරණීය චරිත ඔස්සේ රසික රසිකාවියන් පිනවීමට සමත් වූ ඇයගේ ජීවිතයේ ඉතාමත්ම වැදගත් සන්ධිස්ථානයක් පසුගිය දිනකදී පැවැත්වුණා. ඒ තමයි ඇයගේ විවාහ උත්සවය. ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් කලාතරු පිරිවරා ගනිමින් පැවැත් වූ එම මංගල උත්සවය උත්සවයේ ඡායාරූප මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ශීඝ්‍ර ලෙස පැතිර යමින් තිබෙනවා.

ඉතින් ඉතාම සුන්දර මනාලියක් ලෙස එහිදී ඇයව හැඩ ගන්වා තිබුණේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයෙක් වන චන්දිමාල් ජයසිංහ විසිනුයි. ඇයගේ රූප සුන්දරත්වය තවත් ඔප් නංවමින් ඔහු ඇයගේ රූපලාවන්‍ය කටයුතු සිදුකර තිබූ බව අපට දැකබලා ගන්නට පුළුවන් වුණා. චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ කොහොමත් නිර්මාණාත්මක අදහස් වලින් මනාලියන් හැඩගන්වන ඉතාමත්ම දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක්. ඒ වගේම තමයි ඔහු කලා ක්ෂේත්‍රයෙ සිටින බොහෝ කලාකරුවන් සමඟ ඉතාමත්ම සුහදව මිත්‍රශීලීව තමයි කටයුතු කරන්නේ. ඉතින් අනුෂා දමයන්ති ගෙ විවාහ උත්සවය වෙනුවෙන් ඔහු සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුමෙන් අපූරු සටහනක් තැබීමටත් අමතක කරලා තිබුණේ නැහැ. ඒ මේ විදිහට.

” මම දැන ඇදිනගෙන අවුරුදු 20 ක් එදා අනුශාමයි. අදත් එදා මම කවුරුත් දන්න කෙනෙක් නෙමෙයි ඔයා කවදා හරි මම බදිද්දි මාව අන්දන්න හරිද. ඒ පොරොන්දුවට අවුරුදු 20 කින් අද මට පුළුවන් උපරිමයෙන් කරලා දුන්නෙ හරිම සතුටින්. එහෙම මුල මතක මිනිස්සු හරිම අඩු කාලෙක අද ඉන්න නලු නිලියො මිනිස්සු දන්නෙ ඒයාල රගපාන නාට්ටියේ චරිතයේ නමින් විතරයි. ( අනුශා දමයන්ති ) තමන්ගෙ නමින් හැමදාම රැදිලා ඉන්නෙ එහෙම Brand එකක් වෙන්න හැමෝටම බැ මේ field එකේ කල්ලිවාදයට මුදලට ලාබයට විකිනෙන මල් වෙඩි වලට අනුශා හොද උත්තරයක් ඔබට සුබ මන්ගලම් “

ඉතිං ආදරණීය රංගන ශිල්පිනිය අනුෂා දමයන්ති, ඔබට සුභ මංගලම් කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.