Celebrity Gossip

ප්‍රධාන චරිතයක් නවකයෙක්ට දෙද්දී ටිකක් හිතන්න – අනුරාධා උදයංගනී

අනුරාධා උදයංගනී කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වනවා.සිනමා ක්ෂේත්‍රය ඔස්සේ රංගන දිවියට පැමිණි ඇය වේදිකා නාට්‍ය ඔස්සේ ද ටෙලි නාට්‍ය ඔස්සේ ද ගේ රංගන කෞෂල්‍ය පෙන්නුම් කරනවා.මේ දිනවල දී අපට ඇයව ලොක්කි ,අඳුන්ගිර,රුකී කියන ටෙලි නාට්‍ය තුළින් දැක බලාගන්නට පුළුවන්.ඉතින් අද අපි ඇයත් සමග කතා කරන්න සිතුවා.

“මේ දිනවල දී නම් ටෙලි නිර්මාණයන් සඳහා ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.2020 දී මම රංගනයෙන් දායක වුණු සිහිනි ටෙලි නාට්‍යයෙන් පසුව හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන චරිතයක් තමයි ලොක්කී ටෙලි නාට්‍යයේ මවගේ චරිතය.මෙතෙක් කල් එකම ආකාරයේ චරිතයක් දුටු රසිකයන්ට මේ චරිතය වෙනස්ම එකක් වේවි.ඒ වගේම මතක් කරන්න ඕනේ මම මේ දිනවල දී රංගනයෙන් දායක වන අඳුන්ගිර ටෙලිනාට්‍යත් ඉතාම විශිෂ්ට ගණයේ නිර්මාණයක්.

ඇත්තටම අද කාලේ මෙගා ටෙලි නාට්‍ය පිළිබඳව කතා කළොත් අපි රංගන ශිල්පීන් විදිහට මේ ටෙලි නාට්‍යයේ කොටස් ප්‍රමාණය විතරක් බලල හරියන්නේ නෑ.අපි එම නිර්මාණය තුළ බලන්න ඕනි එම නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා කවුද තිරපිටපත් රචකයා කවුද තමන් සමග රංගනයෙන් දායක වන අනිත් නළු නිළියන් කවුද තමාට එම චරිතයන් කොතරම් සාධාරණයක් ඉටු කරන්න පුලුවන්ද තමාගේ අතට ලැබෙන මුදල කීයද ආදී දේවල් පිළිබඳව තමයි අපි සැලකිලිමත් විය යුත්තේ. අද වන විට කලාකරුවන්ට තියෙන්නේ daily payment ක්‍රමයක්.ඒක කුලී කාරයෙක්ට දවසට පඩි ගෙවනවා වගේ වැඩක්.මම නම් ඒක ඇත්තටම අනුමත කරන්නේ නෑ. අද වන විට ඉතා දීර්ඝ ලෙස ටෙලි නාට්‍යය ඇදී යද්දී ප්‍රේක්ෂකයාට එම ටෙලි නාට්‍යය එපා වෙනවා.

නව පරපුරේ ගොඩක් දක්ෂ රංගන ශිල්පීන් බිහි වෙනවා.හැබැයි සමහර නිර්මාණ තුළ දී ප්‍රධාන චරිතය නවක ශිල්පියෙක්ට ලබා දීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි.නමුත් වර්තමානය වන විට ඉතා දක්ෂ තරුණ තරුණියන් අපිට අපට හඳුනාගන්නට පුළුවන්.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සියලුම කලා කටයුතු සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.