Celebrity Gossip

අවුරුදු ගානක් තිබ්බ ආදරේ නැති වුනේ තේරුම් ගැනිල්ල වැඩි වෙලා – අනුරාධා එදිරිසිංහ

උතුම් පැතුම් , සකර්ම , රාවණා , කෝලම් කුට්ටම ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසකින් කරළියට එන ඇය අනුරාධා එදිරිසිංහයි. ඉතාම තාත්වික රංගන හැකියාවකින් යුතු ඇය මේ වන විට කලා ක්ෂේත්‍රයට ඇවිත් වසර අටක් වෙනවා. ඇය අවුරුදු දහතුනක් වැනි කුඩා කාලයක සිට රූපවාහිනී වැඩසටහන් වලට සම්බන්ධ වී තිබෙන අතර ඇයගේ පියාගේ අකමැත්ත මත ඉන් ඉවත් වී අධ්‍යාපන කටයුතු සඳහා යොමු වී තිබෙනවා. කෙසේ නමුත් ඉන්පසුව වෙළෙඳ දැන්වීමකට රංගනයෙන් දායක වීමට අවස්ථාවක් ලැබෙන ඇයට ටෙලි නාට්‍ය රංගනය සඳහා අවස්ථාවක් ලැබෙන්නෙත් එම කණ්ඩායම නිසයි. ඉතිං ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ මෙවන් දෙයක්.

‘ මට එක්තරා වෙළෙඳ දැන්වීමකට පෙනී ඉන්න ලැබුණා. ඒකෙ මොඩ්ල්ට එන්න බැරි වුණ නිසා රෑ 10 ට විතර ආපු කෝල් එකකින් තමයි මං එයට සම්බන්ධ වෙන්නේ. ඒ කණ්ඩායම හරහා තමයි මට ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ලලිත් ධර්මප්‍රියගේ ‘පාට පිහාටු’ කියන ටෙලි නාට්‍යයට මං මුලින්ම සම්බන්ධ වුණේ. ඒත් ඒක විකාශය වුණේ නෑ. ඒක යූටියුබ් එකකට දීලා තිබුණා. රූපවාහිනියේ විකාශය වුණු පළමු ටෙලි නාට්‍යය වුණේ සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ ‘උතුම් පැතුම්’. ඒකට සම්බන්ධ වීමත් අහම්බයක්. පත්තරේක පළවුණු මගේ පැෂන් පේජ් එකක් දැකලා ලලිත් වසන්ත අයියා තමයි මාව ඒකට සම්බන්ධ කළේ. ‘

මේ විදියට අදහස් දක්වන ඇය ඇයගේ ආදරය ගැන පවසා සිටියේ මෙවන් දෙයක්…

‘ පාසල් යන කාලේ පාසල තුළ මං ආදරේට තැනක් දුන්නෙ නෑ. ඉගෙනීමට තමයි මුල්තැන දුන්නේ. අවුරුදු ගාණක ප්‍රේමයක් මටත් තිබුණා. ඒත් ඒක නැති වුණේ අපි අතර තේරුම් ගැනිල්ල වැඩි වෙලා. අර කියමනකුත් තියෙනවනේ. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියලා. අපි තරහක් නැතුව තේරුම් අරගෙනම වෙන්වුණා. එහෙම වුණා කියලා මම විවාහය ගැන අදහස අතෑරලා නෑ. ‘

මේ විදිහට තමයි ඇය එහිදී පවසා සිටියේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.