Celebrity Gossip

අපි දෙන්නම ආසයි පසිඳු මල්ලිව බඳින්න. එයා තමයි අපි දෙන්නගෙ ජීවිතේ

අනුෂ්කි සහ කණුෂ්කි තියෙනවාටත් වඩා ඔව්න්ව බොහෝ දෙනෙක් හඳුන්වන්නේ අනූ සහ කනූ නමින්. දෙරණ නාලිකාවේ විකාශය වු මල් පිපෙන කාලෙ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයන් සඳහා රංගනයෙන් දායක වූ මොවුන් දෙපළ සැබෑ ජීවිතයේ දී නිවුන් සහෝදරියන් වනවා. ඔවුන් රඟපෑ ප්‍රථම රංගනයෙන්ම අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ අතිශය ජනප්‍රිය චරිත දෙකක් වන මොවුන් ඔවුන්ගේම කියා youtube channel එකක් පවත්වාගෙන යනවා. ඉතින් ඒ සඳහාත් බොහෝ රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර ඔවුන් දෙපළට ලැබෙනවා.

අනුෂ්කි සහ කණුෂ්කි කියලා කියන්නේ රංගනයට පමණක් දක්ෂ දෙදෙනෙක් නොවේ. ඔවුන් දෙදෙනා නර්තනයටත් ඉතාමත්ම දක්ෂයි. සම්ප්‍රදායික නර්තනයටත් ඉන්දීය භරත නර්තනයටත් බටහිර නර්තනයටත් එකසේ දස්කම් පාන මොවුන් දෙදෙනාගේ එකම අරමුණ තමයි නර්තන අංශයේ කථිකාචාර්යවරියක් වීම. මේ වන විට ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරමින් තමයි සිටින්නේ. ඒ වගේම තමයි මොවුන් දෙදෙනාගේ නමින් මේ වන විටත් ඩාන්සින් ස්ටුඩියෝ එකක් ආරම්භ කරලා අවසානයි. ඔවුන් එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටිනවා නිවුන් සහෝදරියන් නිසා ඔවුන් දෙදෙනාගේම සිතුම් පැතුම් එක හා සමානයි ලු. ඇඳුමක් ගන්න ගියත් දෙන්නටම හිත යන්නෙ එක ජාතියෙ ඇඳුම්වලට ලු. කෑම පවා ඔවුන් දෙදෙනාම ආස එක ජාතියෙ කෑම වලටලු.

ඉතින් ඒ වගේම තමයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුන් හරි අපූරු කතාවක් කියනවා. ඒ තමයි ” අපි දෙන්නම ආසයි පසිඳු මල්ලිව බඳින්න. පසිඳු මල්ලි තමයි ජිවිතේ. අපිට එයාව හීනෙනුත් පේනවා “

හැබැයි ඉතින් මේක ඇත්ත ජීවිතයට අදාළ කතාවක් නම් නෙවෙයි. රඟපෑම් කටයුතු වල දී කරන දෙයක් ගැන තමයි ඔවුන් දෙදෙනා එහිදී කියා තිබුණේ. කොහොම නමුත් මාධ්‍යවේදියා විසින් අසනවා ඇත්තටම දෙන්නටම එක තරුණයෙක්ට ආදරය කරන්න හිතුනොත් මොකද කරන්නෙ කියලා. එවිට ඔවුන් දෙදෙනාගේ අක්කා වන අනුෂ්කි පවසා සිටියේ නංගිට අවස්ථාවක් ලබා දෙනවා කියලා. ඉතින් පෙනුම වගේම සිතුම් පැතුම් එක හා සමාන මොවුන් දෙපළගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.