Celebrity Gossip

මැඩම් කොල්ලො ඔයාට මාර love. මටත් ආසයි කාටත් හොරෙන් ගුලිවෙන්න තද පපුවකට අනෝමා ජනාදරිට ආ අපූරු සටහන

අනෝමා ජනාදරී කියලා කියන්නේ සිංහල සිනමාව උඩු යටිකුරු කළ අපූරු රංගන පෞරුෂයක්. සාම්ප්‍රදායික රංගනයෙන් ඔබ්බට ගොස් සීමා විරහිත ව සිය රංගන කටයුතු සාර්ථකව සිදු කළ අපූරු රංගන ශිල්පිනියක් විදිහට අපට ඇයව හඳුන්වන්නට පුළුවන්. වැඩිහිටියන්ට පමණයි ගණයේ සිනමාපට සඳහා වැඩි රංගන දායකත්වයක් ලබා දුන් ඇය බොහෝ රසික රසිකාවියන් අතරට එන්නේ තනි තටුවෙන් පියාබන්න සිනමා පටය හරහා ය. වැඩිහිටියන්ට පමණයි ගණයට අයත් එම සිනමා පටය තුළ චරිත නිරූපණයේ දී ඇය කාන්තාවකට පනවා ඇති සීමා වලට එහා යමින් කාගේත් ආකර්ෂණය දිනා ගන්නට සමත්කම් දැක්වූවා.

ඇය සමාජ මාධ්‍ය තුළ ඡායාරූප පවා උඩුගත කරන්නේ සාම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් විවිධ කාමු ක ඉරියව්වලින් නිසා බොහෝ රසිකයන් ගේ නිරන්තර අවධානයට ඇය යොමු වනවා. ඒ නිසාම බොහෝ තරුණයන්ගේ සිට වයස් භේදයකින් තොරව ඇයට තවමත් පෙම් අැරයුම් පවා ලැබීම සාමාන්‍ය දෙයක්. කෙතරම් වයසට ගියත් තම හිතේ තියෙන හැඟීම් සියල්ලම සමාජ මාධ්‍යවල පළ කරන නිසා ඇයව ගොඩක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ චරිතයක්. ඉතින් ඇයට ලැබෙන බොහෝ පෙම් ඇරයුම් ඇය සෝෂල් මීඩියා තුල පළ කරනවා. පසුගිය දිනකත් ඇය එවැනි සටහනක් පළ කරලා තිබුණා. ඒ සඳහා බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරත් ඇයට ලැබී තිබුණු බව අපට දැකගන්නට පුළුවන් වුණා. ඇයට රසිකයෙක්ගෙන් ලැබී තිබුණේ මේ වගේ ඇරයුමක්.

“.මටත් ඕනේ අනයම් පෙමක්  ඕන නෑ වෙන්න පවුලක් පන්සලක් හැමදාම අගේලු ආදරේලු එතකොට ඒත් මට ඕන නෑ පාරන්න වාසනාවන්ත හිතක් තමන්ගෙ පවුල තරම් එකක් නෑ කියලා හිතාන වෙහෙසෙන අහිංසක බොළඳ හිත් ඒ වෙනුවට මටත් ආසයි කාටත් හොරෙන් ගුලිවෙන්න තද පපුවකට ඕනෙ නෑ ඉතින් දෙන්නෙත් නෑ අයිතියක් මොකද වචනෙකින්වත් අයිතියක් නැති තැන හිනා වුනත් දැනෙන ඉරිසියාව නීති දාන්න බැරි තරම් එළියට දාන්න බැරි ආදරේ අයිති කර ගන්න බැරි ලෝබකමක් ඒක දැනෙන විදියට පට්ට මැඩම්,කොල්ලෝ ඔයාට මාර love “

මේ වගේ සටහනක් තමයි ඇයට රසිකයෙක්ගෙන් ලැබී තිබුණේ. කොහොම නමුත් තමාට ලැබෙන ඕනෑම චරිතයක් ඉතාමත්ම තාත්වික අන්දමෙන් රඟපාන මෙම ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.