Celebrity Gossip

ක්ෂේත්‍රයේ කොටටම ඇඳුම් ඇඳපු නිළියන්ගෙන් කෙනෙක් මම – අංජුලා රාජපක්ෂ

අංජුලා රාජපක්ෂ කියල කියන්නෙ කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ද වනවා. ප්‍රේමාන්විත චරිත වලින් මදක් ඈත්ව වෙනස්ම ගණයේ චරිතයන් බොහොමයක් ඔස්සේ රසික හදවත් සොරා ගැනීමට හැකියාව උදාවුණු මේ ආදරණීය රංගන ශිල්පිනිය තමාට ලැබෙන ඕනෑම චරිතයක් කිසිදු පැකිලීමකින් තොරව අභියෝගාත්මකව බාරගන්නවා. ඒ වගේම තමයි එම චරිතයන් උදෙසා උපරිම සාධාරණයක් ඉටු කිරීමටත් ඇය අමතක කරන්නේ නැහැ. කටකාර දඟකාර රංගන ශිල්පිනියක් විදිහට එවකට තරුණයන් වෂී කරගත් ඇය මේ වන විට ආදරණීය පුතෙකුගෙ මවක් ලෙස වගකීම් සමුදායකට මැදිව ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනු ලබනවා. මවක් වුවත් ඇගේ රූප සුන්දරත්වයේ නම් කිසිදු අඩුවක් දක්නට නොලැබීම විශේෂත්වයක්.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වු ඕලු ටෙලි නාට්‍යයේ ඇය රඟ දැක්වූ චරිතය අතිශය ජනප්‍රිය වූ අතර ඉන්පසු ඇය බොහෝ ටෙලිනාට්‍ය සඳහාත් සිනමා නිර්මාණ සඳහාත් සිය දායකත්වය ලබා දුන්නා. මෑත කාලීනවත් ටෙලි නාට්‍ය කිහිපයකින් අපට ඇයව දැක බලාගන්නට පුළුවන්. අංජුලා කියලා කියන්නේ විලාසිතා කරණයට ගොඩක් ප්‍රිය කාන්තාවක්. තමන්ගේ ශරීරයේ හැඩය නිසි ලෙස පවත්වාගෙන යමින් තමාගේ වයසට ගැළපෙන විලාසිතා ඇය එදා පටන් අද දක්වාම සිදු කරන නිසා තමයි ඇයගේ සුන්දරත්වය අදටත් එලෙසින්ම තබා ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ. පසුගිය දිනක දී ඇය එක්තරා පුවත්පතකට ඇයගේ විලාසිතාකරණය පිළිබඳ අපූරු අදහස් ගොන්නක් දක්වලා තිබුණා. ඉතින් අද අපි ඇය පැවසූ එම අදහස් පිළිබඳව රසික ඔබ සමග බෙදාගන්නට සිතුවා.

ඇය පවසන විදිහට විලාසිතා සදහා බොහොමත්ම ප්‍රිය කෙනෙක්. දරුවෙක් සිටින මවක් විදිහට එයට ගැළපෙන විලාසිතා සඳහා ඇය යොමුවන බවත් ඇයගේ ඇඟේ හැඩයත් ප්‍රමාණයත් නිසා හැමදාම තරුණ පෙනුමක් ඇයට ලබා දෙන බවත් ඇය එහිදී පවසා සිටියා. ඒ වගේම තමයි තම තරුණ පෙනුම නිසා තමාට දරුවෙක් සිටිනවා කියා බොහෝ දෙනෙක් නොදන්නා බවත් ඇය පවසා සිටියා. ඇය විලාසිතා පිළිබඳව දකින්නේ මොන ආකාරයක කෝණයකින් ද යැයි මාධ්‍යවේදියා ඇසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

“මම හිතන්නේ විලාසිතා කියන්නේ කලාවක්. එක තැන පල් නොවී පරණ දේවල් අලුත් වෙවී මහ අමුතුම කලාවක් තමයි විලාසිතා කියලා කියන්නේ. විලාසිතා කියලා කියන්නේ ඇඳුම් විතරක් නෙමේ. ඒක පැකේජ් එකක්. අඳින ඇඳුම , පළඳින සපත්තු , අත් බෑග් , අත් ඔරලෝසු ආභරණ විතරක් නෙවෙයි හෙයා ස්ටයිල් එක මේකප් එක පවා එම පැකේජ් එකට ඇතුලත් වෙනවා. කලා ක්ෂේත්‍රය තුළ සිටින නිළියන්ගෙන් කොටටම ඇඳුම් විලාසිතා කරපු නිළියක් තමයි මම. ඒ වගේම කාලෙන් කාලෙට කොන්ඩ විලාසිතා වගේම කොන්ඩේ වර්ණ ගැන්වීමත් මම සිදුකළා. කෙලින්ම කියනවනම් මම ආසම විලාසිතා බය නැතුව කරපු කෙනෙක් මම. “

ඒ වගේම ඇය පවසා සිටිනවා ඇඳුමක් ඇඳලා අපහසුතාවයෙන් අමාරුවෙන් ඉන්නට ඇය කැමති නෑලු. ඒ වගේම කොයි තරම් ලස්සන විලාසිතාවක් වුණත් එය දකින අයගේ සිනාවට බඳුන් වෙනවා නම් එම විලාසිතාව කරන්නට ඇය කිසිසේත් පෙළඹෙන්නේ නෑලු. ඒ වගේම අපේ වයසට ගැළපෙන විලාසිතාවන් වලට යොමුවීම අප අනිවාර්යයෙන් කළ යුතු දෙයක් බවත් වයසත් සමග විලාසිතා කරන්න තියෙන ආසාවත් වෙනස් වන බව ඇය පවසා සිටිනවා.

ආදරණීය රංගන ශිල්පිනියක ලෙසත් ආදර්ශමත් බිරිඳක ලෙසත් මවක ලෙසත් වැඩ කටයුතු කරන ඇයගේ සියලුම සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.