Celebrity Gossip

මගේ ජීවිතයේ අංක එක මගේ පවුල සුජීව නැති අජිත් සතුට්න්

යාලට මතක ඇති කාලයක් බස්වල යනකොට ඇහුන ගීත මාලාවක් ඒ ගායකයා පස්සෙ කාලෙක.. බස් අජිත් යන අනුවර්ත නාමයෙන් රසිකයාන්ගෙ හදවතේ පැලපදියම් උනා. ඔහු නමින් අජිත් මුතුකුමාර අදටත් ඔහු ගායනා කරපු ගීතයන් රසිකයන්ගේ හදවතේ නොවෙනස් මතකයන් ලෙස පවතිනවා.

සුදු අරලියා මල කියන ගීත මාලාව නිසා අජිත් මුතුකුමාරණ ට ආදරය කරන රසිකයන් රැල්ලක් බිහිවෙනවා ඒ වගේම ඔහුගේම සංගීත කණ්ඩායම් මගින් රසියන් පිනව්මටත් ඔහු අමතක කළේ නැහැ. පසුගිය කාලෙදි අජිත් මුතුකුමාරණගේ පුද්ගලික ජීවිතය පිළිබඳ වැඩි වැඩියෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණා.

ඔහු සිය පළමු බිරිඳගෙන් වෙන්වී ක්ෂේත්‍රයේ තවත් ප්‍රවීණ ගායිකාවක් වන k සුජිවා සමග විවාහ වී ටික කාලයක් කාලය ගත කරා. අවුරුදු කිහිපයක් යද්දී අපට ආරංචි වුණා දෙන්නගෙ නොගැලපීම් නිසා දෙදෙනාම වෙන් වෙලා කියලා.

අද වෙද්දි අජිත් සුජීවා විවාහයෙන් වෙන් වී සිටින අතර . අජිත් තමන්ගෙ පළමු විවාහයේ දරුවන් දෙදෙනාත් බිරිඳත් සමඟ කාලය ගත කරනවා. ඔහු සිය පවුල් ජීවිතය ගැන ඇහුවම ප්‍රකාශ කරල තිබුනේ මෙන්න මේ වගේ අදහසක්.

මට පවුලක් ඉන්නවා මගේ ජීවිතයේ අංක එක පවුල ඒගොල්ලන්ට මගේ අතින් වැරදි වෙලා තියෙනවා අතපසුවීම් වෙලා තියෙනවා ඒත් ඒගොල්ලන්ගේ හැම අවශ්‍යතාවයන් ම මම ඉටු කරලා තියෙනවා ඉස්සරහටත් ඒ ගොල්ලන් ගැන මම හොයලා බලනවා.

මේ වෙද්දි තමන්ගේ පුද්ගලික ජීවිතයේ ඇතිවුනු ගැටලු සමථයකට පත් කරගෙන . සාර්ථක ජීවිතයක් ගත කරන ඔහුට. ඉස්සරහටත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් අලංකාර නිර්මාණ වලින් අපිව රසවත් කරන්න හැකිවේවා කියලා පතනවා.