Celebrity Gossip

එක වෛද්‍ය වාර්තාවක් නිසා අපි ගොඩක් බයෙන් හිටියේ – අමිල කරුණානායක

අමිල කරුණානායක කියලා කියන්නේ නූතන කලා ක්ෂේත්‍රයෙන් බිහිවූ කඩවසම් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක්. සිනමා නිර්මාණයන් හරහාත් ටෙලි නාට්‍ය හරහාත් ගීත රූප රචනා හරහාත් අපට ඔහුව වැඩි වශයෙන් දැක බලා ගන්නට පුළුවන්. ඔහුටම ආවේණික වූ කඩවසම් පෙනුම නිසාම බොහෝ තරුණියන් ඔහුට වශි වී සිටින බව නම් කවුරුත් දන්නා රහසක්. මේ වන විට ඔහු විවාහ වී සුරතල් දරුවන් දෙදෙනකුගේ ආදරණීය පියෙක් වී අවසානයි. අවුරුදු දෙක හමාරක් වියැති ඔහුගේ සිඟිති දියණියගේ නම ආධ්‍යා ආයුකි කරුණානායක වන අතර පුතා අබීත් ආයුක කරුණානායක වනවා. ඉතින් බිරිඳ මිහිරුණි සමග ඔහු ගත කරන සුන්දර දිවිය පිළිබඳව වතගොත ඔබ වෙත ගෙන ඒමට අද අපි සිතුව. ඉතින් පසුගිය දිනක දී ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඒ පිළිබඳව විස්තර පවසා සිටියා.

ඔහුගේ සිඟිති දියණිය ඔහු කොහේ හෝ ගොස් ගෙදර එන විට මොන වැඩේ කර කර සිටියත් ඔහුගේ කටහඬ ඇහුණ මොහොතේම දුවගෙන එනවා ලු. ඉතින් ඒ පිළිබඳව ඔහු මෙන්න මේ විදිහට තමයි කියලා තිබුණේ

“මම කොහේ හරි ගිහින් ගෙදර එද්දි එයා ළඟට ඇවිත් මට අල්ලන්න කියලා දුවනවා. ඉතින් එයාගේ පස්සෙන් දුවලා ගිහින් එයාව අල්ලගෙන එයාව මගේ ඇඟට තුරුල් කර ගන්නවට දූ හරිම ආසයි. මාත් එක්ක නටන්න දූ හරි ආසයි. දූට චිත්‍රපටවල නළු නිළියන් නටන විදිහ හොඳට මතකයි. ඉතින් ඒ විදිහට නටන්න, සින්දු කියන්න එයා මාවත් හවුල් කර ගන්නවා.”

ඒ වගේම තමයි පුංචි දූ පිළිබඳව අමිල හිත කරදරෙන් සිටි කාල වකවානුවක් පිළිබඳව එම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මතක් කර සිටිනවා. ඒ මේ විදියට.

“කො’විඩ් මුල් කාලෙදි පොඩ්ඩෝ දෙන්නා නිසා මායි බිරිඳයි හිටියේ ලොකු කලබලයකින්. හරිම බයෙන්. ඒ කාලෙදි ලැබුණු නිර්මාණ කිහිපයක්ම මම බාරගත්තෙත් නැහැ. දූ ඉපදෙන්න ඉඳිද්දි ලැබුණු එක වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් නිසා මායි මගේ බිරිඳ මිහිරුණියි ගොඩක් බයෙන් හිටියේ. අපි දෙන්නම පුදුම විදිහට හිත කරදරයෙන් තමයි හිටියෙ. හැබැයි චූටි දූ නිරෝගී සුන්දර දරුවෙක් විදිහට අපි ළඟට ආවා.”

වර්තමානය වන විට මේ රටේ පවතින තත්ත්වයත් සමඟ දරුවන්ගේ අනාගතය පිළිබඳව ඔහු ටිකක් බය වෙලා ලු ඉන්නේ. ඒ නිසාවෙන් දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපන කටයුතු ගැන සිතා ඔවුන් විදේශගත වෙන්නලු තීරණය කරලා තිබුණේ. ඔහුගේ එකම සහෝදරයාත් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින බව තමයි ඔහු එහිදී කියා සිටියෙ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පියාගේ සියලුම වැඩකටයුතු ඔහු සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.