Celebrity Gossip

මාත් එක්ක සමන්ත ඉන්නකොට එයාට කෝල් එනවා ඔයාගේ වයිෆ් අහවලා එක්ක ඉන්නවා කියල 

ප්‍රසංග වේදිකාව තුළ නැතිවම බැරි ගායන ශිල්පිනියක් තමයි අමිලා නදීශානි කියලා කියන්නෙ. සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි වේදිකාව ඔස්සේ ගායන කරළියට පැමිණෙන ඇය බොහෝ රසික රසිකාවියන්ගේ නිරන්තර ආදරේ සහ ආකර්ෂණය දිනාගත් ආදරණීය ගායන ශිල්පිනියක් වනවා. මේ වන විට සංගීත කටයුතුත් සමඟ ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන ඇය මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය විවාහ වී සිටින්නේ සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් වන සමන්ත සමඟයි. සංගීත කටයුතු වලට අමතරව ඇය ව්‍යාපාරික ක්ෂේත්‍රය සඳහා සම්බන්ධ වී ඇති බව අපට දැනගන්නට ලැබෙනවා. ලයින් සාරි බිස්නස් එකක් මේ වන විට පටන් ගෙන තිබෙන ඇය ඉතාමත්ම සරළව නිදහසේ තමයි ජීවත් වෙනවා කියන්නේ. ඉතින් පසුගිය දිනක දී ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ නවතම තොරතුරු පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසින්.

” පසුගිය කාලේ නම් වැඩිය ප්‍රසංග තිබ්බේ නැහැ. නමුත් දැන් ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. රටේ කාලගුණය එක්ක තිබ්බ ෂෝ එකකුත් කැන්සල් වුණා. මට නම් හිතෙන්නේ නැහැ ප්‍රසංග වේදීකා සංවිධායකයන්ට මාව අමතක වෙලා කියලා. ලැබෙන ඇරයුම්වල අඩුවකුත් නැහැ.

ඇත්තටම අපිට මුල් කාලේ තිබ්බා ආර්ථික ප්‍රශ්න. නමුත් පුතාට ඒවා දැනෙන්න ඉඩ නොදි පුළුවන් විදිහට එයාව බලාගත්තා. ඒ නිසා පුතාට සමාජය එක්ක ඔට්ටු වෙන්න පුළුවන්. නමුත් දුවට නම් කිසිම ආර්ථික ප්‍රශ්නයක් දැනුණේ නැහැ. උපරිම සැප දුන්නා. උණුවතුරෙන් නාන්න, දාඩිය නොදා සැපට නිදාගන්න ගමන් බිමන් පහසුකම්, කෑම බීම හැමදේම එයාට ලැබුණා . නමුත් පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන අද තියෙන දේ හෙට නැති වෙන්න පුළුවන්.

මගේ තනියට මගේ හැමදේකටම එන්නේ මගේ සැමියා. එයා එන්නෙත් දැන් එයාට වැඩ අඩු නම් තමයි. ඕන තරම් කතා හැදිලා තියෙනවා. මාත් එක්ක සමන්ත ඉන්නකොට එයාට කෝල් ඇවිත් තියෙනවා ඔයාගේ වයිෆ් අහවල් තැන අහවලා එක්ක ඉන්නවා කියල. සමන්ත මම ගැන හොඳින් දන්න නිසා ඒ මොන කතාවත් අහලා අනිත් කනින් පිට කරලා නිහඬව ඉන්නවා. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.