Celebrity Gossip

ඔයාට මගේ හිතේ මොන තරම් ආදරයක් තියෙනවද කියලා හරියටම දැනගත්තෙ අද අමල්ගේ බිරිඳ වෙනුවෙන් ආ සටහන

අමල් පෙරේරා කියලා කියන්නේ සංගීත ක්ෂේත්රය තුළ සිටින අති දක්ෂ ගායන ශිල්පියෙක් වගේම වාදන ශිල්පියෙක්. ඔහුගේ වූ අපූර්ව හඬ පෞරුෂය නිසාම බොහෝ රසික රසිකාවියන්ගේ හදවතේ ගායකයා බවට පත්වීමටත් ඔහුට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔහුගේ පියාගෙන් උරුම වූ හඬ පෞරුෂය එලෙසින්ම පවත්වාගෙන යන ඔහු සිය පුතණුවන් වන නදීමාල් පෙරේරා ටත් ඒ උරුමය එලෙසින්ම ලබා දී තිබීම සංගීත ක්ෂේත්‍රයට මහත් වූ භාග්‍යයක්. මේ දිනවල දී හිරු නාළිකාවේ විකාශය වන හිරු ස්ටාර් ගායන රියැලිටි වේදිකාවේ විනිසුරු වරයෙක් ලෙස කටයුතු කරන ඔහු අපක්ෂපාතී විනිශ්චයක් ලබා දීමට නිරන්තරවම කටයුතු කරන බව අපට දැකබලා ගන්නට පුළුවන්.

අමල් පෙරේරා කියලා කියන්නේ මේ වන විට දෙවන වරට විවාහ වී සිටින අයෙක්. ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී ගැටලුකාරී තත්ත්වයන් නිසාම පළමු විවාහයෙන් වෙන් වන ඔහු දෙවන වරට විවාහ වන්නේ හිරෝෂි රොමේෂිකා නම් සුන්දර යුවතියක් සමඟයි. පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙක් සිටින අමල්ට දෙවැනි විවාහයෙනුත් දුවෙක් සිටිනවා. ඉතින් පසුගිය දිනකදී අමල් පෙරේරාගේ බිරිඳ වන හිරෝෂිට මුහුණ දීමට සිදු වූයේ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකටයි. ඒ ඇය හදිසියේ ම අනතුරකට ලක් වීමයි. ඉතින් ඔහුට සුව පතා බොහෝ කලාකරුවන් මෙන්ම ඔහුගේ බොහෝ හිතමිත්‍රාදීන් ද විවිධ සටහන් පළ කරලා තිබුණා. ඉතිං ඒ අතර තිබූ එක් සටහනක් පිළිබඳව අපේ අවධානය යොමු වුණා. එම සටහනේ තිබුණේ මෙවැන්නක්

” ඔයාට මගේ හිතේ මොන තරම් ආදරයක් තියෙනවද කියලා හරියටම දැනගත්තෙ අද නංගි. අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා කෙල්ලෙ. හමුවුන වෙලාවක විහිළුවක් කරලා හිනාවෙන ඔයා මට වඩා මගේ කොල්ලට ආදරේද කියලා හිතුන තැන් තියෙනවා. කට පුරා ඌට පුතේ කිය කිය කතා කරපු විදිය මට මගේ අක්කි කිය කිය පෙන්නපු ළෙන්ගතුකම. ඔයාට බුද්ධ ශක්තියේ සහ දෙවියන් වහන්සේගේ ශක්තියේ බලයෙන් වගේම සොබාදහමේ ආශිර්වාදයෙන් ඉක්මන් සුව ලැබෙන්න ඕන. ඉක්මනට සනීප වෙන්න අපිට වැඩ කරන්න තියෙනවා රත්තරනේ Buddhini Jayawardhana ” ඉතින් ඇයට ඉක්මන් සුවය ලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.