Celebrity Gossip

මම මගෙ ආදරය හොයමින් ඉන්නේ හේමාල් ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක් – ආක්ෂතා සොනවනී

ආක්ෂතා සොනවනී කියනවාටත් වඩා ඈව ගොඩක් දෙනෙක් හඳුනාගනු ලබන්නේ පල්ලවී යන නමෙන්. මේ දින වල දී අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගතවන second show සිනමාපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන ඉන්දීය නිළියක වන ඇය සැබවින්ම ඉතාමත් රූමත් තරුණියක් වනවා. ඉන්දීය සිනමා අධ්‍යක්ෂක ටී එම් ඤාණම් විසින් අධ්‍යක්ෂණය කරන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය සඳහා ජනප්‍රිය නළු හේමාල් රණසිංහ රංගනයෙන් දායක වීම විශේෂත්වයක්. ආක්ෂතා කියලා කියන්නේ රංගන ශිල්පිනියක් පමණක් නොවේ. ඇය රූපවාහිනි නිවේදිකාවක් ද නිරූපණ ශිල්පිණියක් ද ලෙස වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා. ඇය සිනමාවට පැමිණියේ මෙම වසරේ දීම තිරගත කිරීමට තිබෙන තෙළිඟු චිත්‍රපටයක් මගිනි. ඉතින් අද අපි ඇය ගැන කතා කරන්නට සිතුවා. ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව අදහස් දක්වල තිබුන මේ විදිහට.

‘ මම ඉන්දියාවේ මුම්බායි නුවර තමයි පදිංචි වෙලා ඉන්නේ. මානව සම්පත් කළමනාකරණ අංශයෙන් තමයි මම උපාධිය හදාරන්නේ. මම මුලින්ම television ක්ෂේත්‍රයට සම්බන්ධ වන අතර ඊට පස්සේ තමයි චිත්‍රපටි සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන්නේ. මුලින්ම මම රඟපෑවේ තෙලිඟු චිත්‍රපටිවල. ඊට පස්සේ දමිළ සහ සිංහල චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව ලැබෙනවා. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන.

ඇත්තටම මගේ අරමුණ තමයි විවිධ භාෂාවලින් යුතු සිනමා නිර්මාණ වල රංගනයෙන් දායක වීම. මොකද ඒ මගින් ලෝකයට ගොඩක් සමීප වෙන්න පුළුවන්. විවිධ සංස්කෘතීන් මෙන්ම භාෂාවන් ද ඉගෙන ගන්න පුළුවන්. එක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි නිසා මම ඒකට කැමතියි. අවුරුදු හතරකට විතර කලින් මම ලංකාවට ආවා. ඒ ආවේ ලංකාවේ නිවාඩු කාලය ගත කරන්න තනියෙන්. ඒ සඳහා මට sri lanka tourism ආයතනය අනුග්‍රහය දැක්වූවා. මම දින හයක් ලංකාවේ හිටියා. ඇත්තටම ලංකාවේ ලස්සන බලන්න දින 6ක් හැරෙන්නවත් මදි. ඒ තරම්ම සුන්දර රටක් ලංකාව කියන්නේ.

මම තවම පෙම්වතියක් නෙමෙයි. මම මගේ ආදරේ සොයමින් සිටින්නේ. මට ආදරයක් තිබිලා තියෙනවා. හැබැයි දැන් මම සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්නේ රංගනය සහ මගේ වෘත්තිය වෙනුවෙන්. Second show චිත්‍රපටය රූගත කිරීමේදී අපි දින තිහක් London හිටියා. එහිදී තමයි හේමාල් සහ makeup artist එක්ක ලොකු මිත්‍රකමක් ඇති වෙන්නේ. දර්ශන තලයේදී නම් හේමාල් ටිකක් serious කෙනෙක්. ඇත්තටම එයා ගොඩක් මිත්‍රශීලී හොඳ කෙනෙක්. ‘

ඒ විදියට තමයි ඇය එහිදී පවසා සිටියේ. ඉතින් ඇයගේ සියලුම වැඩ වැඩ කටයුතු ඈ සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.