Celebrity Gossip

අම්මගේ ආදරය කොච්චර ලැබුණත් තාත්තගේ උණුහුමට කොයි දරුවත් කැමතියි – අජිත් මුතුකුමාරණගෙ බිරිඳ

අජිත් මුතුකුමාරණ කිව්වම කිවුවම ලංකාවෙ නම් නොදන්න කෙනෙක් නැතුව ඇති. 90 දශකයේ ජනප්‍රියම ගායන ශිල්පියෙකු වූ ඔහු ලංකාවේ තිබෙන ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වන සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නායකයා ද වෙනවා. ඉතින් මේ දවස් වල අපට දැනගන්නට ලැබෙන ආරංචි වලට අනුව නම් සංගීත කණ්ඩායමට නව සාමාජිකයන් බඳවා ගැනීම ආරම්භ කරලලු තියෙන්නෙ. අජිත් මතුකුමාරණ කියලා කියන්නේ රසික රසිකාවියන්ට ගීත ගණනාවක්ම දායාද කරදුන් ගායන ශිල්පියෙක්. සුදු අරලියා මල ගීතය ඒ අතුරින් සුවිශේෂී වෙනවා. මොකද අදටත් රසික රසිකාවියන් එම ගීතයට දක්වන්නේ මහත් වූ ප්‍රියතාවක්.

ඉතින් අජිත් මුතුකුමාරණ ගැන කතා කරද්දී ඔහුගේ විවාහය ගැන කතා නොකරම බැහැ. මොකද පහුගිය කාල වකවානුව තුළදී ඔහුගේ පුද්ගලික ජීවිතයට නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණා. ඔහු සිය පළමු බිරිඳ අතහැර දෙවෙනි වරට ගායන ශිල්පිණී කේ සුජීවා සමඟ නව යුග දිවියක් අරඹනවා. ඉතාම සතුටින් සැහැල්ලුවෙන් ඔවුන් කාලය ගත කළත් ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඔවුන් දෙදෙනා එම සම්බන්ධයට තිත තැබීමට තීරණය කරනවා. කොහොම වුණත් මේ වන විට ජීවත් වන්නේ සිය පළමු බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ. ඉතින් පසුගිය දිනකදී අජිත්ගේ බිරිඳ සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ පිය සෙනෙහස පිළිබඳව අපූරු සටහනක් පළ කර තිබු අතර එය කොයි කාගෙත් අවධානයට යොමු වුණා. ඇය මේ විදියට තමයි සටහන් කරලා තිබුණේ.

” හැම තාත්තෙක්ම තමන්ගෙ දරුවන්ව රකින්නෙ නාගයෙක් තමන්ගෙ මැණික රකිනවා වගේ මහා ගොඩක් පරිස්සමට තාත්තා කියන්නෙ දරුවන්ව හදවතේ තියන් රකින මනුස්සයෙක් ඒ ආදරේ හරිම ශක්තිමත් සම කරන්න නම් බෑ වෙන දෙයකට පෙන්නන්නෙ නෑ හැමතිස්සෙම.. හරි ආඩම්බරයි.. හදවතේම තියන් තමන්ගෙ දරු පැටවු රකින්නෙ.. මොන දුක විඳලා හරි හම්බ කරන්නෙ දරුවන් වෙනුවෙන්නේ ඉතින්.. ඒත් ගෙදර ඇවිල්ලත් නිදහසක් තියෙද.. තමන්ගෙ දරු පැටවු එක්කත් ඉන්න ඕනනේ.. තාත්තගේ කරේනෙ ආව ගමන් එල්ලෙන්නෙ.. දවසෙම ළඟ ඉන්න අම්මව අමතකයි.. තාත්තා ගෙදර ආවම.. අම්මගෙ ආදරේ කොච්චර ලැබුනත් දරුවෙකුට.. තාත්තගෙ සුවඳට උණුහුමට හැම දරුවෙක්ම කැමතියි ගොඩක්.. ඒ තරමට ආදරයක් රැකවරණයක් ඒ වගේම ආරක්ශාවක් දැනෙනවා ඇති දරුවන්ට තමන්ගෙ තාත්තගෙ උණුහුමෙන්… දරුවො රකින්න තාත්තා කෙනෙක් ගොඩක් දුක් විඳිනවා.. ඒක එයා කටින් කියන්නෙ නෑ කවදාවත්.. ඒ වේදනාව හිතින් දරන් කහට කෝප්පෙන් ඒ විඩාව නිවා ගන්නවා.. හරිම පුදුම චරිතයක් තාත්තා කියන්නෙ.. ලොකු වගකීමක් එක්ක බැඳිලා ඉන්නෙ එයා.. මොකද තමන්ගෙ දරු පැටවුන්ගෙ අනාගතේ සාර්ථක කරන්න මාර උත්සහයක් අරගන්නවා තාත්තා.. වෙලාවකට හරිම ආදරණීයයි.. වෙලාවකට දරුණුයි එහෙම නොවිත් බැහැනෙ ඉතින්… තමන්ගෙ දරුවො දඩබ්බර වෙලා වැරදි පාරක යනවට මොන තාත්තද කැමති.. ඒ නිසා දරුවො දඩබ්බර වුනහම ආන්ඩු මට්ටු කර ගන්න තාත්තෙක් සැර වෙන්නම ඕන.. වේවැල අතට ගත්ත ගමන් බයවෙන විදියට හදා ගන්න ඕන

ආදරේ නිසයි මේ හැමදේම.. දරුවන්ව අනාගතේ හොඳ මනුස්සයෙක් කරන්නනේ හැම තාත්තෙක්ම උත්සහ කරන්නේ.. ඒ වගේම තමන්ට ජීවිතේ නොලැබුණු දේවල් තමන්ගෙ දරුවන්ට ලබා දෙන්නනේ තාත්තා කෙනෙක් හැම දුකක්ම වේදනාවක්ම දරා ගන්නෙ ඉතින් හැම දරුවෙක්ටම තමන්ගෙ තාත්තා රජෙක්.. හරිම ගාම්භීර චරිතයක් තාත්තා කියන්නේ පුදුම හයිය හිතක් තියෙන්නෙ.. තමන්ට මොන ලෙඩේ හැදුනත් ඒ ගැනවත් හිතන්නෙ නැතුව දරුවො රකින්නයි හැමවෙලාවකම උත්සාහ කරන්නෙ ඒ තරම් දරු පැටවු ගැන හොයා බැලුවා.. ආදරේ තරම නොපෙන්නුවත්.. හිතේ තියන් පුංචි පැටවුන්ව රැක්කා.. තාත්තගෙ ආදරේ එහෙමයි.. පෙන්නන්නෙ නෑ.. ඒත් පෙන්නන්න ගත්තොත් ඉවරෙකුත් නැතිවෙයි. ආදරේ කියලා කටින් නොකීවත් මේ ලෝකෙ කවුරුත් නැති තරම් ආදරයක් දෙන්නෙ තාත්තා විතරමයි.. ඒ ආදරේ හැමදාටම වෙනසක් නැතුවම දරුවන්ට ලැබේවි.. තාත්තා කෙනෙක් කොහොමද දරුවන්ට ආදරේ කරන්නෙ කියලා තේරෙන්නෙ කොල්ලෙක්ට තමනුත් තාත්තා කෙනෙක් වෙච්ච දාට බුදුසරණයි හිරූ කල්හාරි ” ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය පවුලේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.