Celebrity Gossip

“මගේ අම්මා මාව දාලා ගියේ මගේ මුල්ම පඩිය ගන්නත් කලින්” – පියුමාලි තිළිණිකා

පියුමාලි තිළිනිකා කියන්නේ නව පරපුරේ සිටින ඉතාමත්ම කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත්වූ සුන්දර යුවතියක්.පුංචි තිරයේ සහ වෙළඳ දැන්වීම් වල අපට ඇය වැඩි වශයෙන් දැක ගන්නට පුළුවන්.ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් විදියට සිය වෘත්තියේ නිරතවන ඇය කලාව හා සම්බන්ධ වන්නේ ඇගේ දක්ෂතා නිසයි.මේ දිනවලදී තරුණයන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගන්නා ඇය කැමතිම විනෝදාංශය වන්නේ පොත් කියවීම බව තමයි අපිට ආරංචි වෙන්නේ.ඉතිං අපි අද ඇයත් සමග කතා කරන්නට සිතුවා.

“2018 වර්ෂයේ දී තමයි මම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඇත්තටම කලාව හා සම්බන්ධ වීමට ලැබීම මට අහම්බෙන් සිදු වෙච්ච දෙයක්.අනෝජ් කරලියද්ද අයියා තමයි මාව චාමර සමරවික්‍රම අයියට හඳුන්වලා දුන්නේ.ඉන්පසු ඔහු විසින් නිෂ්පාදනය කරපු “දුවිලි අහස” ටෙලිනාට්‍යයේ මට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබෙනවා.ඉන්පසු මට නිර්මාණ විශාල ප්‍රමාණයකට ආරාධනා ලැබුණත් ඒවායින් මට පුළුවන් ප්‍රමාණය තමයි මම භාර ගන්නේ.මොකද මම හෙමින් ගමනක් යන්න කැමති කෙනෙක්.ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් වැඩ ගොඩක් බාර ගන්න මම කැමති නෑ.මම මේ වෙනකොට “කුමී ,සද හැංගිලා, රේස් ,දෙවැනි ඉනිම,අග්නි පියාපත්,සිදූ, දුවිලි” අහස ආදී නිර්මාණයන් රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.ඉතින් මම අද මේ ඉන්න තැන ගැන මට සතුටක් තියෙනවා.

ඇත්තටම මම මගේ රැකියාවත් එක්ක ටිකක් කාර්යබහුල කෙනෙක්.නිර්මාණ තෝරා ගන්නේත් මට විවේකයක් තිබුනොත් විතරයි.මගේ අම්මත් එක මම ගතකරල තියෙන්නෙ ඉතාමත්ම කුඩා කාලයක්.මොකද එයා රැකියාවත් එක්ක කාර්යබහුල වෙලා හිටියේ.එයා රැකියාවෙන් අයින් වෙද්දී මම රැකියාවකට යොමු වුණා.ඉතින් අපි දෙන්නට එකට ගත කරන්න වෙලාවක් තිබුණෙ නැහැ.මගේ මුලු ජීවිත කාලෙටම මම පසුතැවිලි වෙන කාරණය තමයි මගේ අම්මා වෙනුවෙන් එක රුපියලක්වත් වියදම් කරන්න බැරි වුන එක.මොකද මම මුල්ම පඩිය ගන්න කලින්ම එයා අපිව දාලා ගියා.ඉතින් ඒක තමයි මගේ ජීවිතේ තියෙන ලොකුම කණගාටුදායක දේ.” කියලා තමයි අවසාන වශයෙන් ඇය පැවසුවේ.

පියුමාලි තිළිණිකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතා කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් සුන්දර යුවතියක්.ඉතින් ඇගේ සියලුම කලා කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඇගේ සුන්දර ඡායාරූප පෙලක් ඔබවෙත මෙලෙස ගෙන එනවා.