Celebrity Gossip

A-ලෙවල් චිත්‍රපටියේ අහිංසා, ජනප්‍රිය සුරූපී නිලි ලහිරුකා ඒකනායක උඩරට සිරිතට යුග දිවියට එලඹෙයි

ලහිරුකා ඒකනායක කියන නම අපේ කළා ක්ෂේත්‍රයට ආධුනික වුනත් ඇයගේ රූපයනම් අපේ රටේ බොහෝ දෙනෙකුට හුරුපුරුදු ඇති. ඉතින් පහුගිය කාලයේ අපේ රටේ අතිශයින් ජනප්‍රිය චිත්‍රපටයක් වුනු ඒ-ලෙවල් සිනමා සිත්තමේ අහිංසාට රංගනයෙන් දායක වුනේ ඇයයි.

01

ඉතින් ඒ වගේම ඇයගේ පළමු රංගනය වූ අහිංසාගේ චරිතය නිසාම ඇයට හිරු රන් සම්මානයෙන් පිදුම් ලබන්න තරම් ඇය වාසනාවන්ත වුණා. කොහොම නමුත් මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක උඩරට සිරිතට විවාහ දිවියට එලඹිලා තිබුණා. ඉතින් ඒ වදිහට ඇය විවාහ වෙලා තිබුනේ සදීප කියන කඩවසම් තරුණයත් සමඟයි.

02

කොහොම නමුත් ඇය පාසල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ මාතලේ ශ‍්‍රි සංඝමිත්තා ජාතික පාසලෙන්. ඉතින් ඒ වගේම ඇය 2010 රාජ්‍ය ළමා නාට්‍ය උළලේ යෝධයාගෙ උයන නාට්‍යයේ සහ 2015 දි මධ්‍ය පළාත් අංශයෙන් ප‍්‍රථම ස්ථානය ලැබූ (ඉට්ස් මී) කියන නාට්‍යයටද රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඇය එක් වතාවක ඉට්ස් මී නාට්‍යයේ චරිත 6 කටම රංගන දායකත්වය ලබා දීම විශේෂයි.

03

ඉතින් ඒ වගේම ඇයගේ ප්‍රියතම විනෝදාංශය පොත් කියවීමලු. වයලීනයත්, ඕගනය සහ සර්පිනාව වයනත් ඇයට පුළුවන්ලු. ඉතින් ඒ නිසාම ඇය සංගීතයට වඩාත් කැමතියිලු.

04

ඉතින් මේ පහුගිය දවසක විවාහ දිවියට එලඹුනු ලහිරුකා ඒකනායකගේ වෙඩින් ෆොටෝ ශූට් එකේ අපූරු සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ ආදරණීය යුවලව මේ තරම් ලස්සනට ප්‍රේමනීය අයුරින් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡ‍ායාරෑප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දින්ගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන රවිඳු ඒකනායක ඡායාරූප ශිල්පියා විසිනුයි.

05

ඉතින් මේ පහුගිය දවසක යුග දිවියට එලඹුනු දක්ෂ සුරූපී නිලි ලහිරුකා ඒකනායකට අපිත් හදවතින්ම සුබ පතන ගමන් ඇයගේ ඉදිරි විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

06

07

08

09

10

11

12

13

14

15