Celebrity Gossip

25වැනි උපන්දිනය සමරන ජනප්‍රිය නිලි මනිෂා චංචලාට ආදරණීය පෙම්වතා කළිඳුගෙන් ලැබුණු ප්‍රේමනීය සුබපැතුම

අපේ රටේ ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් තමයි මනීෂා චංචලා කියලා කියන්නේ. දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන සිදූ ටෙලිනාට්‍යයේ තෙරුණි හරහා ඇය කා අතරත් අතිශයින්ම ජනප්‍රිය වුණා. ඉතින් සිදූ ටෙලිනාට්‍ය ඔස්සේ පුංචි තිරයට එකතු වෙන ඇය වර්තමානය වන විට අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආදරයක් සමඟින් ඉතාම ජනප්‍රිය වෙලා තියනවා. ඉතින් ඒ වගේම ඇය අධ්‍යාපනය ලබලා තියෙන්නේ මහනුවර ස්වර්ණමාලි විද්‍යාලයෙන්. 2018 වර්ෂයේදී මහනුවර කදුරට fm එකත් එක්ක ළමා නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍රයට එකතු වෙන ඇය ඉන් අනතුරුව දෙරණ නාලිකාවේ විකාශනය වුන ළමා රියැලිටි වැඩසටහනක් වන දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වුණා. ඉතින් එම තරඟාවලියේ අවුරුදු 12න් පහල ගායන තරඟ අංශයේ හතර වෙනිස්ථානය දිනා ගැනීමට ඇය සමත් වුණා. ඉතින් ඊට පස්සේ තමයි ඇය කලාවට පිවිසෙන්නේ.

කොහොම හරි ඉතින් වර්තමානය වන විට ඇය දක්ෂ ගායන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් නිවේදන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්‍රය තුල ඉතාම දක්ෂ ලෙසින් කටයුතු කරනවා අපිට දැකගන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට කළා ක්ෂේත්‍රය තුල ජනප්‍රියත්වයට පත් ඇය රංගනයෙන් දායක වෙන තවත් ටෙලිනාට්‍යයක් ලෙස ස්වර්ණවාහිනී නාලිකාව හරහා විකාශනය වුන සිහින සමාගම ටෙලිනාට්‍යයද ප්‍රේක්ෂකයන් අතරේ ඉතාම ජනප්‍රිය වුණා. ඒ වගේම තමයි ඇයගේ විවාහය ගැන කතා කරද්දී මේ සුරූපී රංගන ශිල්පිනිය විවාහ ගිවිසගෙන ඉන්නේ ලංකාවම දන්න කාගේත් ආදරය දිනාගත්ත දක්ෂ නිවේදන ශිල්පියෙක් වන දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක ශිල්පියෙක් වන කලිදු කරුණාරත්න සමඟයි.

ඉතින් ඒ වගේම මනීෂාගේ 25 වැනි උපන් දිනය පහුගිය දිනකදී යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් අපූරු සාදයකුත් පවත්වලා තිබුණා. ඉතින් ඒ වගේම ඇයගේ උපන් දිනය වෙනුවෙන් ඇයගේ ආදරණීය පෙම්වතා කළිඳු බොහොම ආදරණීය සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. ප්‍රීති ප්‍රශංසා ඔල්වරසන් හඬ ඇසෙන රතු පලස් මත දී මෙන් ම ගල් මුල් හමුවේ මනසෙන් කඩාවැටෙන නිහඬ රැයකදීත් නොවෙනස්ව ළඟ රැඳී මා සනසන ඔබ මා සතු වටිනාම සම්පතයි. ඔබට සුභ උපන්දිනයක් වේවා කියලයි කලිඳු මනීෂාගේ උපන්දිනයට සුභපැතුම එකතුකරලා තිබුණේ. ඉතින් ඒත් එක්කම අපිත් මනීෂාට සුබම සුබ උපන්දිනයක් කියලා සුබපැතුම් එක්කරමු.

Leave a Comment