Celebrity Gossip

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ආදරණීය පුතුගේ 15වෙනි උපන්දිනය ජයටම සමරපු හැටි

සනත් ජයසූරිය කියන නම ඇසූ පමණින් ඔහු කව්ද කියන්න අදටත් ලෝකයක්ම හදුනනවා. ඔහු අපේ රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල දක්ෂ පිතිකරුවකු, දඟ පන්දු යවන්නකු වගේම පන්දු රැකීම අතිනුත් ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක් කියලා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඔහුගේ ආරම්භක පිතිකරණයද, දඟ පන්දු යැවීම සහ පන්දු රැකීම මෙන්ම ඔහු පිටියේ කල හරඹ ගැන අපේ රටේ ක්‍රිකට් ලෝලීන් හොඳින්ම දන්නවා. ඔහුගේ පන්දුවට පහරදීමේ දක්ෂතාවය නිසාම අපේ රටේ ඔහුව හැදින්වුයේ වමත් කසකාරයා යනුවෙනි. ඉතින් ඒ වගේම ජාත්‍යන්තරයේ ඔහුව හැදින්වුයේ Master Blaster යනුවෙනි. ඉතින් ඔහු ගැන තවත් අමුතුවෙන් හදුන්වා දීමට අවශ්‍ය වන්නේ නැහැනේ. ඉතින් ඒ වගේම ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110 ක්, එක්දින ජාත්‍යන්තර තරග 445 ක් සහ පන්දුවාර 20 යි 20 තරග 31ක් ක්‍රීඩා කර තිබෙනවා.

කොහොම නමුත් අපේ රටේ නිතරම කාගේත් කතා බහට ලක්වෙන සනත් ජයසූරියගේ ආදරණීය කැදැල්ලේ ඔහුගේ ආදරණීය පුතා වන රනුක් ජයසූරියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් මේ වෙනුවෙන් මේ පවුලේ හැමෝම එකතු වෙලා ඔහුට හරි අපූරු උපන්දින සාදයක් ලබා දීලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ විදිහට අපූරුවට සමරලා තිබුනේ ඔහුගේ 15වන උපන්දිනය කියලයි අපටනම් දැනගන්න ලැබුනේ. ඉතින් ඒ වගේම තමයි ඔවුන් මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා සනත් ජයසූරියගේ ආදරණීය පුතු උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම ඔහුට සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.