Celebrity Gossip

හැමෝම කතාවෙන කාලෙකට පස්සේ දැකපු ආදරණීයම විවාහ මංගල ඡායාරූප පෙළ

ආදරේට කලු සුදු, උස් මිටිකම්, ජාති බේද අදාලම නෑ කියලා කතාවක් හැමෝම අහලා තියනවනේ. හැබැයි ඉතින් අහල තිබුනට ඒ වගේ ආදර කතා අපිට අහන්න දකින්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්. අද සමාජයේ ලස්සන ආදර කතා වලට වඩා ගොඩක්ම අපිට අහන්න දකින්න වෙලා තියෙන්නේ අද කසාද බැඳලා සතියකින් වෙන් වෙන කසාද ගැනනේ. කොච්චර ලස්සන වුනත් කොච්චර සල්ලි තිබුනත් හිත අවංක නැත්තන් එතන ආදරේ වැඩි කල් රැදෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම අද වෙනකොට පවුල් ආරවුල් නිසා ජීවිත පවා නැති කර ගත්ත අවස්ථා ගැන අපිට නිතරම අහන්නට දකින්නට ලැබෙනවා.

කොහොම නමුත් මේ දිනවල සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ හැමෝගෙම කතා බහට ලක්වෙන සැබෑ ආදරේ කියලා කියන්නේ බාහිර පෙනුම නෙමෙයි කියලා ලෝකෙටම පෙන්නපු බොහොම ආදරණීය යුවලක් ගැන තමයි අපි අද කියන්න යන්නේ. ඉතින් මේ අලුත විවාහ වුනු ආදරණීය යුවල තමයි සන්ද්‍යා සහ ජානක කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය යුවලගේ විවාහ මංගල්‍යයේදී මේ දෙන්නව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන කෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න black image ඡායාරූපකරන ආයතනය විසිනුයි.

ඉතින් මේ දවස් වල අපේ රටේ ගොඩක් දෙනෙක් අතරේ කතා බහට ලක්වෙන බොහෝ දෙනෙක් සුබපැතුම් එක්කල මේ ආදරණීය ආදර්ශවත් යුවලට ඔවුන්ගේ ඉදිරි විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම සැබෑ ආදරේ ගැන ලෝකෙටම ආදර්ශයක් ලබා දුන් මේ ආදරණීය යුවලගේ විවාහ මංගල උත්සවය අවස්ථාවේ ලබාගත්ත ආදරණීය සුන්දර ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.