Celebrity Gossip

හැමෝම ආදරේ කරන අපේ රටේ තරුණයාගේ සෙල්වා පවුලේ අලුත්ම 5වෙනි සමාජිකාවත් උපත ලබයි

ලෝකයේ තියන උතුම්ම පදවිය මව් පිය පදවිය කියලා මනාව ඔප්පු කරපු ආදරණීය යුවලක් ගැන තමයි අපි අද ඕගොල්ලන්ට කියන්න යන්නේ. ඉතින් මේ තරුණයා ලංකාවේ ඉපදුන කෙනෙක් උනත් තරුණිය නම් ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඉපදුන කෙනෙක්. ඉතින් ඒ වගේම මේ ආදරණීය යුවලට හරිම ලස්සන පවුලක් තමයි තියෙන්නේ. ඉතින් ඒ තමයි පුංචි පුළුන් බෝල වගේ ලස්සන දුලා තුන්දෙනෙකුයි පුංචි පුතෙකුයි මේ දෙන්නට හිටියා. කොහොම නමුත් අද දිනයේදී තවත් දියණියක් මෙලොවට බිහි කරමින් මේ ආදරණීය කැදැල්ලේ එලිය තව තවත් වැඩි වෙලා තියනවා. ඉතින් මේ නමින් සෙල්වනායගම් කියන මේ තරුණයා ඇමරිකාවේ පදිංචිව ඉන්න ශ්‍රී ලාංකිකයෙක් වගේම ඔහුගේ බිරිඳ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන ලස්සනම ලස්සන තරුණියක්.

ඉතින් මේ සුරූපී තරුණිය එක්ක විවහා වෙලා ඉන්න ලංකාවේ සෙල්වනායගම් කියන්නේ ඇමරිකාවේ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගමක හිමිකරුවෙක් කියලයි අපටනම් දැනගන්න ලැබුනේ. ඒ වගේම ඔහුගේ ආයතනයේ නිෂ්පාදනය කරන මේ දේවල් ඔන්ලයින් ක්‍රමය හරහා ගෙන්වාගන්නත් පුලුවන් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ ආලේපන භාවිතා කරලා තමයිලු ඔහුගේ බිරිඳ වගේම දරුවන් මෙච්චර ලස්සන වෙලා තියෙන්නෙත්. ඒ විතරක් නෙවෙයි එම රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන්න ප්‍රවර්ධන කටයුතු කරන්නෙත් සෙල්වාගේ මේ සුරූපී බිරිඳ විසින්මලු. කොහොම නමුත් මේ ආදරණීය යුවල ඇමරිකාවේදී හම්බවෙලා අඳුරගෙන කාලයක් ආදරේ කරලා තමයි මේ විදියට විවහා වෙලා තියෙන්නේ.

ඉතින් දරුවෝ හතරදෙනෙක් එක්ක මේ සැමියයි බිරිඳයි ගත කරපු ලස්සන පවුල් ජීවිතයට දැන් තවත් අමුත්තියක් එකතු වෙලා. ඉතින් ඒ බව සඳහන් කරමින් සෙල්වනායගම් ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා වලට සටහනක් එකතු කරලා තිබුනේ අපේ දියණිය වන සවානා හඳුන්වා දීමට අපි මහත් උනන්දුවෙන් සිටියා. ඇය මීට පැය දෙකකට පෙර උපත ලැබූ අතර ඇය සහ මව යන දෙදෙනාම හොඳින් සිටිනවා. ඔබේ ආදරය හා සහයෝගයට ස්තුතියි. ඔබ සැමට දෙවි පිහිටයි යනුවෙන් සටහන් කරමිනුයි. ඉතින් මේ අලුත් සාමාජිකාවක් එකතු වුනු මේ ආදරණීය කැදැල්ලට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන ගමන් මේ සුන්දර කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.