Celebrity Gossip

හැමෝම ආදරේ කරන අපේ රටේ තරුණයාගේ සෙල්වා පවුලේ දරුවන් 3දෙනෙක්ගේ උපන්දිනේ එකටම සමරපු හැටි

අපේ රටේ කවුරුත් ආදරය කරන පහුගිය දවස් වල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වුණු ආදරණීය සුන්දර පවුලක් තමයි ඇමරිකාවේ කැලිෆෝනියාවේ ජීවත් වෙන සෙල්වා පවුල කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය කැදැල්ල ගැන හැමෝම අතරේ කතා බහට ලක්වුණේ එහි ගෘහ මූලිකයා වන නෙරංජන් සෙල්වරත්නම් කියන පුද්ගලයා අපේ රටේ ඉපදුන ශ්‍රී ලංකික පුද්ගලයෙකු වීම නිසා වගේම ඔහුගේ සුන්දර සුරූපී බිරිඳ ඇමරිකානු ජාතිකයෙක් වීම නිසා වගේම මේ ශ්‍රී ලංකික පුද්ගලයාගේ ආදරණීය පවුල හුරතල් දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත ලස්සන ආදරණීය පවුලක් වීම නිසයි.

ඉතින් මේ නෙරංජන් සෙල්වරත්නම් කියන අපේ රටේ තරුණයාගේ සුරූපී බිරිඳගේ නම තමයි අරියානා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මීට වසර ගණනාවකට පෙර අපේ රටේ පැවති යුදමය තත්වය නිසා ඇමරිකාවට ගිය නෙරංජන් සෙල්වරත්නම් ඇමරිකාවේ ඔහුගේම කියලා රූපලවන්‍ය ද්‍රවය අලෙවි කරන ක්‍රිසන් බියුටි නමින් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ අතරතුරේදී තමයි ඔහුට ඔහුගේ සුරූපී සුන්දර බිරිඳව හමුවෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා ඔවුන්ගේ මේ ව්‍යාපාරය මේ වනවිට ඉතාම දියුණු මට්ටමකට රැගෙන එන්න තරම් ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා.

ඉතින් ඒ වගේම දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත මේ සුන්දර පවුලේ පස්වෙනි සාමාජිකයා මීට ටික දවසකට කලින් තමයි මේ ආදරණීය කැදැල්ලට එකතු වුනේ. ඉතින් ඒ ගැනත් මේ වනවිට නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් ඒ වගේම මේ දරුවන් පස් දෙනාගෙන් හතර දෙනෙක්ම ගැහැණු ළමයින් වගේම එක පිරිමි දරුවෙක් මේ පවුලේ ඉන්නවා.

ඉතින් ඒ වගේම මේ දරුවන් පස් දෙනා අතරින් දරුවන් තුන් දෙනෙකුගේම උපන්දිනය යෙදිලා තියෙන්නේ නොවැම්බර් මාසයේ වීමත් විශේෂයි. ඉතින් මේ පවුලේ වැඩිමල් දියණියන් තුන් දෙනාගේම උපන්දිනය මේ මාසෙට තමයි යෙදිලා තියෙන්නේ. ඉතින් මේ තුන් දෙනාගේම උපන්දිනය එකවර සමරමින් මෙන්න මේ විදිහටයි ඔවුන්ට සුබ පතමින් නෙරංජන් සෙල්වරත්නම් සටහනක් එකතු කරලා තිබුනේ.

අද කෙලෙස්ටිට අවුරුදු දෙකක් සම්පුර්ණ වෙනවා. නොවැම්බර් මාසයේ උපන්දින පටන් ගත්තේ ඉන්ද්‍රාන්ගෙන්. ඒ ඇයගේ 6වෙනි උපන්දිනය නොවැම්බර් 16 වෙනිදාට සමරමින්. ඊළගට සාරාගේ උපන්දිනය. ඇයගේ 9වෙනි උපන්දිනය නොවැම්බර් 17 සැමරුවා. ඒ වගේම අද ගොඩක් සුවිශේෂී දවසක් ඒ තමයි අදට වසර දෙකකට කලින් ඉදන් අපි කෙලෙස්ටා එක්ක හරි අපූරු කාලයක් ගෙව්වේ. ඔබ සියලු දෙනාටම දෙවි පිහිටයි කියලයි මේ ආදරණීය කැදැල්ලේ ඡායාරූපයකුත් එකතු කරමින් ඒ විදිහට සඳහන් කරලා තිබුනේ.

ඉතින් මේ මාසයේ උපන්දිනය සමරපු ආදරණීය පුංචි දියණියන් තුන් දෙනාට සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.