Celebrity Gossip

සුරූපී රූ රැජිනක් මෙන්ම තනි දිරිය මවක් වූ පුෂ්පිකා ද සිල්වා තම පුතුගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ රටේ ඉන්න කවුරුත් දන්න කියන ඉතාම ජනප්‍රිය වගේම සුන්දර විවාහක ලක් රූ රැජිනක් තමයි පුෂ්පිකා ද සිල්වා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි පුතෙකුගේ ආදරණීය මවක් වුනත් තාමත් සුන්දර සිරුරකට හිමිකම් කියන ඇය ගැන පහුගිය දිනවල බොහෝ සෙයින් අපේ රටේ කතා බහටත් ලක්වුණා. කොහොම නමුත් ඇය විවාහ වෙලා සිටි කෝටිපති සැමියාගෙන් වෙන්වෙලා දැන් ආදරණීය පුතනුවන් එක්ක තමයි ජීවත් වෙන්නේ.

ඉතින් මේ සුරූපී ලක් රූ රැජිනක් වූ පුෂ්පිකා ද සිල්වාගේ ආදරණීය එකම පුතනුවන්ගේ 5වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය බොහොම අපූරු උපන්දින සාදයක් වෙනස්ම විදිහට ලස්සනට චාම්ව සංවිදානය කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ අපූරු උපන්දින සාදයේ සුන්දර අවස්ථා මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න Anantra Studio ඡායාරූප කරන ආයතනය විසිනුයි. ඉතින් ඒ වගේම පුෂ්පිකා ද සිල්වා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සටහනක් එකතු කරමින් තම ආදරණීය පුතනුවන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතලා තිබුනේ සුභ උපන්දිනයක් ටවෝන් පුතා, ඔබට බුදු සරණයි යනුවෙන් පවසමින්.

ඉතින් මේ හිටපු සුන්දර විවාහක ලක් රූ රැජිනක් වූ පුෂ්පිකා ද සිල්වාගේ ආදරණීය එකම පුතනුවන් 5වන උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ පුංචි පුතාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබපතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.