Celebrity Gossip

සුරූපී නිලි ශලනි තාරකාගේ උපන්දිනය කඩවසම් නළු සචින් ලියනගේ එක්ක ජයටම සමරුවේ මෙහෙමයි

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. සිරස කුමරිය ලෙසින් කිරුළු පැලඳ රංගනයට ආ ඇය වසර 24කට පසු හොඳම සහ ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම එකම වේදිකාවකදී ලබා ගන්නටත් වාසනාවන්ත වුණා. ඉතින් ඒ වගේම මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතයෙන් සහ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන චලෝ ටෙලිනාට්‍යයේ චලෝගේ චරිතය හරහාත් අපට ඇයව දැකගන්න ලැබෙනවා. ඉතින් මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියගේ උපන්දිනය අද දිනට යෙදිලා තියෙනවා.

කොහොම නමුත් අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන දක්ෂ කඩවසම් නවක රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියලා කියන්නේ. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය ඔබ නරඹනවා නම් එහි නිර්වාන්ගේ චරිතය හරහා ඔහුව දැකගන්න ලැබෙනවා. ඉතින් මේ කඩවසම් රංගන ශිල්පියා ශලනි තාරකාගේ උපන්දිනය වෙනුවෙන් අපූරු ලස්සන උපන්දින සාදයක් පවත්වලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාවේදී ලබා ගත්ත ඡායාරූපයක් සචින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් මෙන්න මේ වගේ අපූරු කතාවක් තමයි කියලා තිබුනේ. ටික කාලෙකට පස්සේ මට හැම දෙයක්ම කතා කරන්න පුළුවන් කෙනෙක් හම්බ වුණා. ඈත ඉඳන් දකිනවට වඩා ඔයා මාව ආශ්‍රය කරනකොට මට තේරුණා ඔයා කොච්චර හොඳද කියලා. මට ගොඩක් උදව් කළා. ඒකට ගොඩක් ස්තුතියි. මට විශ්වාසයි මම දිගටම ඔයාට කරදර කරනවා කියලා. මම ඔබට සුබ පතනවා. ආයෙත් වාර්තාවක් තබමු. ඒ හැමදේටම මම හැකි පමණින් සහයෝගය දෙන්නම්. මගේ හොඳම මිතුරියට සුභ උපන්දිනයක් කියලයි ඔහු ඒ විදිහට සටහනක් එකතු කරලා තිබුනේ.

ඉතින් මේ අද දින උපන්දිනය සමරන දක්ෂ ජනප්‍රිය සුරූපී නිලි ශලනි තාරකාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.