Celebrity Gossip

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දෙවනවරටත් නිවුන් දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වෙයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන නම ඇහුවම ලෝකයේම නොදන්නා කෙනෙක් නැහැ. මොකද පාපන්දු ක්‍රීඩාවට ඔහුගේ ඇති දක්ෂතාවය නිසාම ලෝකයක් ඔහුට ආදරය කරන නිසා. කොහොම නමුත් මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ආදරණීය පෙම්වතිය වන ජෝර්ජිනා රොඩ්‍රිගස් නිවුන් දරුවන් දෙදෙනෙකුගේ ගැබිණියක් බව දන්වමින් ඔහු ඇය පහුගිය දවසක නිවුන් දරු කලලයේ ස්කෑන් ඡායාරූප අන්තර්ජාලය හරහා ප්‍රේක්ෂකයින් අතර හුවමාරු කර ගෙන තිබුණා.

ඉතින් ඒ වගේම මේ ලැබෙන්න ඉන්න නිවුන් දරුවන් දෙදෙනාත් සමඟින් රොනල්ඩෝගේ දරුවන් ගණන 6ක් වනවා. දැනටමත් රොනාල්ඩෝ දරුවන් හතර දෙනෙකුගේ පියෙක් වනවා. ඔහු ප්‍රථමයෙන් පිය පදවිය ලැබුවේ 2010 ජූනි 17 වන දින එක්සත් ජනපදයේ උපත දුන් ඔහුගේ ම නම තැබූ ක්‍රිස්ටියානෝ ජූනියර් නම් පුතා ඉපදීමත් සමඟයි. දරුවාගේ සම්පූර්ණ භාරකාරත්වය තමා සතු බවත් මව සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුව මවගේ අනන්‍යතාවය ප්‍රසිද්ධියේ හෙළි නොකරන බවත් ඔහු ප්‍රකාශ කරලා තිබුණා. පසුව ඔහුගේ පෙම්වතිය වූ රුසියානු නිරූපිකාවක වූ ඉරීනා ෂේක් නමැති ඇය පසු කලෙක වෙන්වූ අතර ඔහුගේ පස් අවුරුදු සබඳතාව අවසන් වූ බව ඔහු පැවසුවා.

කොහොම නමුත් රොනාල්ඩෝ ඉන් පසුව නිවුන් දරුවන් බිහි කරන්නේද ගුප්ත ලෙසයි. දියණිය ඊවා සහ පුත් මාටෙයෝට, 2017 ජුනි 8 වන දින එක්සත් ජනපදයේ කුලියට ලබාගත් ගැබක් හරහා තමයි උපත ලබාදීලා තිබුනේ. එහිදීද මව කවුරුන්ද යන්න ඔහු හෙලි කිරීමට කැමති වුනේ නැහැ. ඔහු 2017 නොවැම්බර් 12 වන දින ඔවුන්ගේ දියණිය ඇලනා මාර්ටිනා උපත ලැබූ අතර ඇයගේ මව වූයේ හිටපු සාප්පු සහායිකාවක වූ ස්පාඤ්ඤ නිරූපිකා ජෝර්ජිනා රොඩ්‍රිගස් වේ.

කොහොම නමුත් 36 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 27 හැවිරිදි ජෝර්ජිනා සමඟ තම දෙවන සහ තුන්වන දරුවා පිළිගැනීමට නියමිත බව කියමින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල සටහනක් එකතු කරලා තිබුනේ අපි නිවුන් දරුවන් අපේක්ෂා කරන බව නිවේදනය කිරීමට ලැබීම සතුටට කරුණකි. අපේ හදවත් ආදරයෙන් පිරී ඇත. අපට ඔවුන් හමුවීමට බලා සිටිය නොහැක යනුවෙන් සඳහන් කරමින්. ඉතින් මේ නිවුන් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට සහ ඔහුගේ ආදරණීය පෙම්වතිය වන ජෝර්ජිනා රොඩ්‍රිගස්ට අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරමු.