Celebrity Gossip

සිරස පුංචි පැංචි ප්‍රමුදි කරුණාරත්නගේ දෙවෙනි දියණියගේ පළමු උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

ප්‍රමුදි කරුණාරත්න කියලා කියන්නේ අපේ රටේ හිටපු කොයි කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් මීට ටික කාලෙකට පෙර කළා ක්ෂේත්‍රයෙන් ඉවත් වුනු ඇය විවාහයත් එක්කම විදෙස් රටක පදිංචියට ගියා. මීට වසර ගණනකට ඉහතදී එනම් ඇය කුඩා කාලයේදී සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කල සරෝජා චිත්‍රපටියෙන් වගේම පුංචි පැංචි වැඩසටහන නිසා ඇය බොහෝ දෙනෙක් ආදරය කරන පුංචි කලා ශිල්පිනියක් වුණා. ඉතින් ඒ වගේම කෙනෙක් රඟපෑ පලමු චිත්‍රපටයේ චරිතයටම අන්තර් ජාතික සම්මානයක් හිමිවෙනවා නම් එය කොතරම් භාග්‍යයක්ද. ඉතින් එවැනි වටිනා අවස්ථාවකට හිමිකම් කියූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියලා කියන්නේ. ඒ තමයි ඉරාන ජාතික සම්මාන උළලේදී සරෝජා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට ඇයට වාසනාව හිමි වුණා.

කොහොම නමුත් දැන් ඇය ඒ කාලේ හිටපු පුංචි පැංචි නම් නෙවෙයි, කළා ක්ෂේත්‍රය හරහා දකින්න නොලැබුනත් දැන් ඇය පුංචි පැන්චියන් දෙදෙනෙකුගේම ආදරණීය මවක් වගේම ආදරණීය බිරිදක් කියන්න අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් එදා පුංචි ළමා නිලියක් වුනු මේ ආදරණීය රංගන ශිල්පිනියගේ දෙවෙනි දියණියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාවේ පවුලේ හැමෝම එකතුවෙලා ජයටම සමරලා තිබුණා. ඒ වගේම මේ සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තබුනේ නැහැ. ඉතින් මේ චූටි දෝනිගේ පලවෙනි උපන්දිනය සමරන අවස්ථාවේ ලබාගත්තා ආදරණීය සුන්දර ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ පුංචි දෝනිට සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.