Celebrity Gossip

සැමියා මට දෙවියන්ගෙන් ලැබුණු ලොකුම ආශිර්වාදයක්-අමායා අධිකාරි උපන්දිනය සමරමින් කියූ කතාව

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් දන්නා කියන ජනප්‍රිය චරිතයක් තමයි අමායා අධිකාරි කියලා කියන්නේ. ඇය නිරූපිකාවක් වගේම කළා ක්ෂේත්‍රයට පිවිසුනාට පස්සේ ඇය රංගන ශිල්පිනියක් ලෙසද ඉතාම ජනප්‍රියත්වයට පත්වුණා. ඇත්තටම මේ වනවිට ඇයව අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් සල් සපුනා ටෙලි නාට්‍ය හරහා රංගනයට පිවිසි ඇය එම ටෙලිනාට්‍යයේ රංගනයත් සමඟ බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගැනීමට සමත් වුණා. ඉතින් ඒ වගේම රූපයෙන්ද සුන්දර තරුණයක් වන අමායා විලාසිතාවන්ට දැඩි කැමැත්තක් දක්වන තරුණියක් විදිහටත් හදුන්වන්න පුළුවන්. කොහොම නමුත් අමායා මීට පෙර විවාහ වෙලා සිටි කෙනෙක් කියන්නත් අපේ රටේ කාටත් රහසක් නෙමෙයි. ඒ අපේ රටේ ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියෙකු වන අතුල අධිකාරි සමඟයි. ඉතින් ඇය පළමු වරට විවාහ වුනේ අතුල සමඟයි. ඉතින් මේ විවාහය පිළිබඳවත් අපේ රටේ බොහෝ දෙනෙක් අතර මෙන්ම සමාජ මාධ්‍ය තුලද අතිශයින් කතා බහට ලක්වුණා. ඉතින් මේ අතුල අමායා දෙදෙනාට ආදරණීය දියණියක්ද සිටිනවා. කොහොම නමුත් ඉන් පසුව අමායා හර්ෂ දනොෂ් කියන ගායන ශිල්පියාත් සමඟ මේ වනවිට ආදරෙන් ජීවත් වෙනවා. ඉතින් මේ යුවළටත් මේ වෙද්දී පුංචි දරු පැටියෙකුත් ඉන්නවා. ඉතින් මේ වෙද්දී අමායා හර්ෂත් එක්ක බොහොම සතුටින් ජීවත් වෙන බවක් තමයි අපට දැකගන්න ලැබෙන්නේ.

කොහොම නමුත් පහුගිය දවසක අමායාගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇයගේ ආදරණීය සැමියා හර්ෂ දනොෂ් ඇය වෙනුවෙන් සුබපැතුමක් එකතු කරලා තිබුනේ සුබ උපන්දිනයක් මගේ මැණිකේ. ආදරෙයි කියලයි. ඉතින් ඒ වගේම හර්ෂ ඔහුගේ ආදරණීය බිරිඳ පුදුමයට පත් කරමින් තෑගි කිහිපයක්ද ලබා දී තිබුණා. ඒ වගේම අමායා ඇයගේ උපන්දිනය දවසේ අලුත්ම වාහනයක් ඉස්සරහා ඉදන් ඡායාරූපයක් සිය සමාජ ජාලා මාධ්‍ය ගිණුම් වලටද එකතු කරලා තිබුණා. ඉතින් ඒ වගේම ඇය එහිදී සටහන් තබා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. සැමියා මට දෙවියන්ගෙන් ලැබුණු ලොකුම අශිර්වාදයක්. ඔහුගේ ආදරය මම දිනපතා විවර කරන ත්‍යාගයක්. ස්තූති තෑගි වලට. ආදරය සහ මගේ සහයෝගය ඔබටයි කියලයි අමායා ඒ විදිහට සටහන් තබා තිබුනේ. ඉතින් අපිත් පහුගිය දිනක උපන්දිනය සමරපු අමායාට සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පැතුම් එකතු කරමු.

Leave a Comment