Celebrity Gossip

ස්වර්ණවාහිනියේ නිව්ස් කියන මුස්ලිම් නිවේදිකා ෆාතිමා නස්‍රින් 25වෙනි උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ රටේ ප්‍රවෘත්ති නිවේදන ක්ෂේත්‍රය තුල කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වෙලා ඉන්න දක්ෂ ජනප්‍රිය ආදරණීය නිවේදන ශිල්පීනියක් තමයි ෆාතිමා නස්‍රින් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ ආදරණීය සැමියා වන මදුෂාන්ද සිල්වා කියලා කියන්නෙත් අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක්. ඒ වගේම නිවේදන ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන් කතා බහට ලක් වෙන ආදරණීය ආදර්ශවත් නිවේදන ශිල්පීන් දෙදෙනෙක් විදිහටත් මේ ආදරණීය යුවලව අපිට හදුන්වන්නට පුළුවන්.

කොහොම නමුත් අපේ රටේ ඉන්න මේ දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් වන ෆාතිමා නස්‍රින්ගේ 25වන උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇයගේ ආදරණීය සැමියා සහ යහළු යෙහෙලියන් කිහිප දෙනෙකුත් එකතු කරගෙන ඇයගේ උපන්දිනය බොහොම අපූරුවට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ අපූරු අවස්ථාවේදී ලබාගත්ත ආදරණීය සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒ වගේම ස්වර්ණවාහිනි ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අපූරුවට සිංහල බස හසුරුවමින් ප්‍රවෘත්ති කියන වගේම ලංකාවේ එකම මුස්ලිම් ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසද මැයව හදුන්වන්නට පුළුවන්. ඉතින් ඒ වගේම මදුෂාන්ද සිල්වා මේ වනවිට හිරු නාලිකාවේ වැඩ කටයුතු කරගෙන යනවා.

ඉතින් මේ ඊයේ දිනයේදී උපන්දිනය සමරපු මේ සුන්දර නිවේදිකා ෆාතිමා නස්‍රින්ට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.