Celebrity Gossip

සකුගේ ඇත්තම නංගිගේ 8වෙනි උපන්දිනේ ජනප්‍රිය නිලි ධනංජි තරුකා නැන්දිත් එකතු කරන් සමරපු හැටි

සකුගේ ලෝකය ටෙලිනාට්‍යයේ සකුගේ චරිතය හරහා බොහෝ දෙනෙක් ආදරය කරන ඉතාමත්ම හුරුබුහුටි දක්ෂ ජනප්‍රිය වගේම සුන්දර ළමා රංගන ශිල්පිනියක් තමයි සහේලි සදිත්මා සතරසිංහ කියලා කියන්නේ. වයසින් කුඩා වුවත් කිසිදු ආදුනික බවකින් තොරව සිය රංගන හැකියාව පෙන්නුම් කරපු නිසා සකූගෙ කතාව හරහා සහේලි මොන තරම් ජනප්‍රියද කියනවානම් ඇය යන යන හැම තැනම හැමෝම වගේ ඇයට තාමත් කතා කරන්නේ සකුනි කියලලු. වයස් භේදයකින් තොරව සකූගේ චරිතයට බොහෝ දෙනෙක් ආදරය කළා.

ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම ඇයව සමාජ මාධ්‍ය ජාලා තුලින් අපිට දැකගන්න ලැබෙනවා. කොහොම නමුත් කළා කටයුතු වගේම අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න මේ ළමා රංගන ශිල්පිනිය පහුගිය දවසක පවුලේ හැමෝමත් එක්ක එකතුවෙලා ඇයගේ ආදරණීය පුංචි නැගණියගේ 8 වෙනි උපන්දිනය බොහොම ලස්සනට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාවට අපේ රටේ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් වන ධනංජි තරුකාත් එකතු වෙලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඒත් එක්කම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ධනංජි තරුකා අමතක කරලා තිබුනේ නැහැ.

කොහොම නමුත් පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා සමරපු සකුගේ ඇත්තම නංගිගේ උපන්දින සාදයේ ආදරණීය ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එකක්ම මේ පුංචි දෝනිට සුබ උපන්දිනය කියලා සුබ පතන ගමන් ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.