Celebrity Gossip

සංගීතේ රොකී සුරූපී බිරිඳ සමඟ 5වන විවාහ සංවත්සරය ජයටම සමරුවේ මෙහෙමයි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් තමයි ශානක උදීෂ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන අපේ රටේ බොහෝ දෙනෙක් ආසාවෙන් නරඹන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන සංගීතේ ටෙලිනාට්‍ය හරහාත් අපට ඔහුව දැකගන්න ලැබෙනවා. ඉතින් එම ටෙලිනාට්‍යයේ ශානක උදීෂ රඟපාන්නේ ටිකක් නපුරු චරිතයක්. ඒ තමයි රෝකිගේ චරිතය. ඉතින් ඔහුගේ පළමු රංගනයෙන්ම මේ වෙද්දී හැමෝගෙම හිත දිනා ගන්න ඔහුට හැකියාව ලැබිලා තියනවා. කොහොම නමුත් නළුවෙක් විදිහට ඔහු අපේ රටේ ගොඩක් ජනප්‍රිය වුනත් ශානක උදීෂ කියලා කියන්නේ දක්ෂ ගායකයෙක්. ඒ වගේම සංගීතේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන මහීගේ චරිතයට පන පොවන ලවන් අභිෂේක් කියන්නේ ශානක උදීෂගේ මල්ලි කියන්නත් තවමත් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒත් එක්කම ඔහුගේ සැබෑ ජීවිතය ගැන කතාකරනවා නම් ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්ද වෙනවා.

ඉතින් ඒ වගේම ශානක විවහා වෙලා ඉන්නේ සුරූපී තරුණියක් එක්ක. ඇයත් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඇය තමයි නිලක්ෂි තිලකරත්න. ඉතින් මේ ශානක උදීෂගේ සුරූපී බිරිඳ සමාජ මාධ්‍යන් හරහා ඉතාම ජනප්‍රිය කෙනෙක්. ඉතින් ඒ වගේම මේ ආදරණීය යුවලගේ 5වන විවාහ සංවත්සරය පහුගිය දිනක යෙදිලා තිබුණා. ඉතින් මේ වෙනුවෙන් ශානක උදීෂගේ ආදරණීය සුන්දර බිරිඳ ඇයගේ සමාජ මාධ්‍ය ජාලා වලට ආදරණීය සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

Happy 5th Anniversary to us. ඔයාට ආදරෙයි. ශක්තිමත් විවාහයකට එකවර ශක්තිමත් පුද්ගලයන් දෙදෙනෙකු එක්වන්නේ කලාතුරකිනි. අනෙකා දුර්වල යැයි හැඟෙන විට මාරුවෙන් මාරුවට එකිනෙකාට ශක්තිමත් වන්නේ ස්වාමිපුරුෂයා සහ භාර්යාවයි යනුවෙන් සඳහන් කරමින්.

ඉතින් මේ කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය සුන්දර පවුල් ජීවිතයක් ගත කරන මේ ආදරණීය යුවල 5වන විවාහ සංවත්සරය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් 5වෙනි විවාහ සංවත්සරය සමරන මේ ආදරණීය යුවලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ ආදරණීය සුන්දර කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.