Celebrity Gossip

සංගීතේ රොකී, කඩවසම් නළු ශානක උදීෂගේ උපන්දිනයට ආදරණීය බිරිද දුන්නු අපූරු සප්‍රයිස් එක

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් තමයි ශානක උදීෂ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන අපේ රටේ බොහෝ දෙනෙක් ආසාවෙන් නරඹන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන සංගීතේ ටෙලිනාට්‍ය හරහා ඔහු ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඉතින් මේ සංගීතේ ටෙලිනාට්‍යයේ ශානක උදීෂ රඟපාන්නේ ටිකක් නපුරු චරිතයක්. ඒ තමයි රෝකිගේ චරිතය.

ඉතින් ඒ වගේම ශානක විවහා වෙලා ඉන්නේ සුරූපී තරුණියක් එක්ක. ඇයත් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඇය තමයි නිලක්ෂි තිලකරත්න. ඉතින් මේ ශානක උදීෂගේ සුරූපී බිරිඳ සමාජ මාධ්‍යන් හරහා ඉතාම ජනප්‍රිය කෙනෙක්. ඉතින් ඒ වගේම මේ ආදරණීය යුවලගේ 5වන විවාහ සංවත්සරය පහුගිය දිනයක ජයටම සමරලා තියනවත් අපිට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ කඩවසම් නළු ශානකගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ආදරණිය සුන්දර බිරිඳ නිලක්ෂි ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ Happy Birthday My Love. ඔයා තරම් විශේෂ කෙනෙක් මගේ ජීවිතයේ නෑ, ඔයා මගේ සැමියා වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා වගේම මම ඔයාට ගොඩක් ආදරෙයි කියලයි.

කොහොම නමුත් ඔහුගේ පළමු රංගනයෙන්ම මේ වෙද්දී හැමෝගෙම හිත දිනා ගෙන අපේ රටේ ඉතාම ජනප්‍රිය වෙන්න ඔහුට හැකියාව ලැබිලා තියනවා. ඉතින් ඒ වගේම නළුවෙක් විදිහට ඔහු අපේ රටේ ගොඩක් ජනප්‍රිය වුනත් ශානක උදීෂ කියලා කියන්නේ දක්ෂ ගායකයෙක්. ඒ වගේම සංගීතේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන මහීගේ චරිතයට පන පොවන ලවන් අභිෂේක් කියන්නේ ශානක උදීෂගේ මල්ලි කියන්නත් තවමත් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒත් එක්කම ඔහුගේ සැබෑ ජීවිතය ගැන කතාකරනවා නම් ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්ද වෙනවා.

ඉතින් මේ ඊයේ දිනයේදී උපන්දිනය සමරපු ජනප්‍රිය කඩවසම් නළු ශානක උදීෂට සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය සුන්දර කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.