Celebrity Gossip

සංගීතේ තිසංක සර් ජනප්‍රිය කඩවසම් නළු නවීන් දිල්ෂාන් ඔහුගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

සංගීතේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරය දිනාගත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් තමයි නවීන් දිල්ෂාන් කියලා කියන්නේ. සංගීතේ ටෙලිනාට්‍යයේ තිසංක සර්ගේ චරිතය හරහා ඔහු කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙනවා. ඉතින් ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ තමයි සංගීතේ ටෙලිනාට්‍යයේ ඔහුගේ බිරිඳට රංගනයෙන් දායක වන නිෂානි ටීචර් කියන්න දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් නවින්ගේ බිරිඳ වන හංසනී විමලසිරි කියලා කියන්නෙත් අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

ඒ වගේම තමයි පහුගිය කාලයේ හංසනී හා හා පුරා කියලා උතුම් මව් පදවියත් ලැබුවා. දියණියගේ හුරතල් මැද හංසිනි සහ නවින් මේ දවස්වල ජීවිතය සතුටින් ගත කරනවා. කොහොම නමුත් මේ ජනප්‍රිය කළා ශිල්පියාගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් පවුලේ හැමෝමත් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ ආදරණීය සුන්දර අවස්ථාව කැමරා කාචයට හසු කරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් මේ කඩවසම් නළු නවින් දිල්ෂාන් පවුලේ හැමෝමත් එකතු කරගෙන ඔහුගේ උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒ වගේම නවීන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ හංසනී ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සටහනක් එකතු කරමින් ඔහුට සුබ පතලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මේ ඉන්නේ මගේ දුකට සැපට ළඟම ඉන්න හොඳම මිත්‍රයා. ලෝකයාට අනුව අවිහිසකත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ, මට අනුව දුෂ්ටකමේ සංකේතය වන මොහු නමින් නවීන් දිල්ශාන්. අද ඔහුගේ ජන්ම දිනයයි. ඉතින් බොහෝ දෙනා නොයෙක් අයුරින් සුභ පැතුම් ගෙනේවි. ඒ අතරෙ කියවන හැමෝගෙම ආශිර්වාද එකතු කරන් මමත් යමක් මෙහෙම ලියන්න සිතුවා. හිතේ තියෙන හැම යහපත් පැතුමක්ම (මගෙන් ගැලවීම හැර) එලෙසම ඉටු වන සුභ උපන් දිනයක් වේවා කියලයි හංසනී ආදරණීය සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ.

ඉතින් මේ පහුගිය දවසක උපන්දිනය සමරපු ජනප්‍රිය කඩවසම් නළු නවින් දිල්ෂාන්ට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.