Celebrity Gossip

සංගීතේ අමායා, ජනප්‍රිය නිලි සචිණි රණවක පෙම්වතා එක්ක කරපු ප්‍රේමණීය වෙඩින් ප්‍රී ශූට්එක

සංගීතේ ටෙලිනාට්‍ය කියලා කියන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයන් ඉතාම ආසාවෙන් නරඹන ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම තමයි මේ ටෙලිනාට්‍යයේ අමායාගේ චරිතයට රංගනයෙන් දායකත්වය ලබා දෙන සචිනි රණවක කියලා කියන්නේ නිතරම කාගේත් ආදරයට වගේම කතාබහට ලක්වෙන නවක සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ සුන්දර රංගන ශිල්පිනියගේ ගම තමයි බොරලැස්ගමුව. ඇය පාසල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ කොලඹ විශාඛා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම ඇය දැන් සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ බටහිර අධ්‍යයන අංශයේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඇය 2017 වර්ෂයේදී දෙරණ නාලිකාවේ රියැලිටි වැඩසටහනක ගීත ගායනා කර එම තරඟාවලියේ හත්වෙනි අදියර සඳහා සහභාගි වුණා. ඉතින් ඊට පස්සේ තමයි ඇයට කළා ක්ෂේත්‍රයට එන්න වාසනාව හිමිවුණේ. ඉතින් දැන් අපිට කළා ක්ෂේත්‍රය ඔස්සේ රංගන ශිල්පිනියක් ලෙසද දකින්න ලැබෙන මේ සුන්දර රංගන ශිල්පිනියට පහුගිය දවසක ඇයගේ පෙම්වතා ඇයවත් පුදුම කරමින් අපූරුවට ඇයට විවාහා යෝජනාවක් කරලා තියනවත් අපට දකින්න ලැබුණා.

ඉතින් ඊට පස්සේ මේ ආදරණීය යුවල පහුගිය දවසක හරි අපූරු සුන්දර ෆොටෝශූට් එකක් කරලා තියනවත් අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාවේදී මේ ආදරණීය යුවලව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරණයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න සචිත් සාරංග ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ ලඟදි විවාහ වෙන්න ඉන්න ආදරණීය දෙපලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ දෙන්නගේ ඉදිරි වැඩ කටයුතුත් සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න වාසනාව ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ ආදරණීය යුවලගේ සුන්දර ෆොටෝශූට් එකේ ආදරණීය ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

Leave a Comment