Celebrity Gossip

ශූටින් මැද්දේ 46වන උපන්දිනය සමරපු ජනප්‍රිය ප්‍රවීණ නිළි දුලීකා මාරපන තැබූ අපූරු සටහන

දුලීකා මාරපන කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීන රංගන ශිල්පිනියක්. චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස ප්‍රකට ඇය මේ දිනවල කියා දෙන්න ආදරේ තරම්, පොක් වීදිය, දිවිතුරා, Interනැසනල් යන ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඉතින් මේ ජනප්‍රිය නිලි දුලීකාගේ 46වන උපන්දිනය ඊයේ දින යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය ස්වාමි පුර්ෂයා සහ තවත් කිහිප දෙනෙක් එකතු වෙලා ඇයට අපූරු උපන්දින සාදයක් ලබා දීලා තිබුනේ ශූටින් අතරතුරමයි.

ඉතින් ඒත් එක්කම දුලීකා ඇයගේ උපන්දිනය දවසේ ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සටහනක් එකතු කරමින් මෙන්න මේ වගේ අපූරු කතාවක් තමයි කියලා තිබුනේ. 1975 /11/15 දිනට එලිවෙනකොට මම ඉපදුනා. මට නමක් ලැබුනා. මහා දිග නමක් කෙටියෙන් දුලීකා මාරපන ලෙස සමාජය හැදින්වූවා. එදා සිට අද දක්වාම ජීවිතයේ මහා විශාල අත්දැකීම් රාශියක් ලබන්නට මා පින් කර තිබුනා. මට හොද සමාජයක්, පරිසරයක්, අධ්‍යාපනයක්, හොද මිත්‍රසේවනයක් මෙන්ම සමාජය තුල යහපත උදාකරන්නට, අනෙකා ගැන හිතන්නට, අනෙකා වෙනුවෙන් නැගීසිටින්නට, පුලුවන් ශක්තිමත් ගැහැනියක් මා තුල නිර්මාණය කරගන්නට මාගේ මේ සියලු අත්දැකීම් හේතු උනා කියල විශ්වාස කරනවා.

මාගේ මව, ස්වාමිපුරුෂයා මෙන්ම ඔබද මට නිරතුරු ශක්තියක් වූ බව මා කිවයුතුමය. ඉතින් මට මා වෙනුවෙන් කරගන්නට හෝ කරන්නට දේ තවත් නැත. නමුත් ඔබ වෙනුවෙන් කරන්නට බොහෝ දේ තවම ඉතිරිව ඇත. අදින් මගේ ජීවිතයේ තවත් පරිච්ඡේදයක් ආ‍රම්භවනු ඇත. ඒ පරිච්ඡේදය මා වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන් ලියවෙනු ඇත. මා වෙනුවෙන් සුභ පැතුම් වෙනුවට, මේ මොහොතේ ඔබ ඔබේ අරමුණ ඔබ ලගම සටහන් කරගන්න. ජීවිතේ ජයගන්නට නම්, ඒ අරමුණ කරා අපි ගමන් කරමු සාමූහිකව කියලයි ඇය ඉතාමත්ම සෙනෙහසින් ඒ විදිහට සඳහන් කරලා තිබුනේ.

ඉතින් මේ ඊයේ දිනයේදී උපන්දිනය සමරපු ප්‍රවීණ රංගන ශිල්පිනියට සුබ උපන්දිනයක් කියලා සුබපතන ගමන් නිදුක් නිරෝගී ජීවිතයක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.