Celebrity Gossip

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට 31 හැවිරිදි තරුණ මවක් නිරෝගී සය නිවුන් දරු උපතක් සිදුකරයි

ශ්‍රී ලංකාව වන අපේ රටේ ප්‍රථම සය දරු උපත අද අලුයම කොලඹ ආසිරි පෞද්ගලික රෝහලේදී සිදුවෙලා තියනවා. ඉතින් ඒ වගේම පිරිමි දරුවන් තුන් දෙනෙක් හා ගැහැණු දරුවන් තුන් දෙනෙක් ලෙස මෙම දරුවන් හය දෙනා උපත ලබලා ඇති අතර අද අලුයම 12.16ත් 12.18ත් කාලය තුල සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් තමයි මේ සය දරු උපත සිදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ වන විට දරුවන් සියලු දෙනාම මෙන්ම මවත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවත් දෙවෙනි දරුවා පමණක් නොමේරූ ළදරු ඒකකයට යොමු කල බවත් සිසේරියෙන් සැත්කමෙන් පසුව ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා මාධ්‍ය වෙත පවසා තිබුණා. ඉතින් මේ වාසනාවන්ත 31 හැවරදී මව කොලඹ IDH ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බවයි අපටනම් දන ගන්නට ලැබුනේ.

ඉතින් මෙලෙස අපේ රටේ එකවර දරුවන් හය දෙනෙකු එකම මවක් විසින් බිහිකරනු ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා. මින් පෙර ලෝකයේ වෛද්‍ය වාර්තා අනුව එවැනි අවස්ථා 18ක් ගැන සඳහන් වෙලා තියනවා. කොහොම නමුත් දරුවන් හය දෙනාම නිරෝගීව ලබා ගැනීම මෙවැනි සැත්කම් වල අතිශය දුෂ්කර කාර්යයක් ලෙසයි වෛද්‍යවරුන් පවසන්නේ. ඉතින් ඒ වගේම මෑත ඉතිහාසය සැලකීමේදී අවසන් වරට 2013 ප්රිරඩ් හී ටෙබාගේ හී මවක් දරුවන් හයක් එකවර බිහි කලත් දරුවන් දෙදෙනෙකු පසුව මෙලොව හැරගොස් තිබුණා. ඉතින් ඒ වගේම ඊටත් පෙර 2009දී උතුරු අයර්ලන්තයේදීත් 2008දී නිව්යෝර්ක් නුවරත් සය දරු උපත් සිදුවීම් වාර්තා වී තිබෙන අතර ඉතින් එම දරුවන් සියලු දෙනාම නිරෝගී බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා.

ඉතින් ඒ වගේම දැනට ලොව මෙතෙක් වාර්තා වී ඇති මවක එක වර උපත ලබා දෙන ලද වැඩිම දරුවන් ගණන වන්නේ නවයකි. 2021 මයි මස මොරෝක්කෝවේදී මෙම දරුවන් නව දෙනා බිහි කර තිබූ අතර එවැනිම අවස්ථා දෙකක් 1971 සහ 1999 වර්ෂ වලදී වාර්තා වෙලා තියනවා. ඉතින් මේ අපේ රටේ සිදුවූ සය දරු උපත සිදුකල මවට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.